ඉන්දියාවේ අඩු කෝර්න්නා රෝගින් සහ මරණ ගැන විශේෂඥ්ඥයන් පුදුමය පළකරයි


0

ඉන්දියාවට කොරෝනා වෛරසය පැමිනෙන විට විශේඥ්ඥයන් අනාවැකි පළ කළේ කොරොන වයිරස් රෝගීන් මිලියන ගණනක් ඉන්දියාවෙන් අපේක්ෂා කළ හැකි බවයි. රටේ සෞඛ්‍ය පද්ධතිය අඩපණ කළ හැකි තතවයේ විශාල වෛරස් පැතිරිම් සඳහා ඉන්දියාව සූදානම් විය යුතු බව වෛද්‍යවරු අනතුරු ඇඟවූහ . ඉන්දියාවේ මුඩුක්කු හරහා වෛරසය ලැව් ගින්නක් මෙන් පැතිර යා හැකි බවද අනතුරු ඇඟවීය.

නමුත් ඉන්දියාව පවසන පරිදි ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත රට නරකම දේ වළක්වා ඇති බව පෙනේ.අඟහරුවාදා වන විට ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන් 31,360 ක් සහ මරණ 1,008 ක් පමණක් වර්ථාවිය.

ගැටලුව උත්සන්න වන තෙක් ඉන්දියාව බලා සිටියේ නැත” යනුවෙන් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 14 වන දින ප්‍රකාශ කළේය. ඔහු රට පුරා දින 21 ක් රට පුරා අගුලු දැමීම මැයි 3 දක්වා දීර්ඝ කළේය .

නමුත් ඉන්දියාවේ සංඛ්‍යා පිටුපස ඇති යථාර්ථය වඩාත් සංකීර්ණ ය.විශේෂඥ්ඥයන් අනතුරු අඟවන්නේ ඉන්දියාවට සුබ පැතීමට ඉක්මන් බවය. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, ඉරිදා වන විට රට විසින් කොරෝනා පරීක්ෂණ 625,000 කට වඩා සිදු කර ඇත.

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව ඉන්දියාවේ පරීක්ෂණ වලින් 4% ක් පමණ ධනාත්මක ය. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ (JHU) දත්ත වලට අනුව එය එක්සත් ජනපදයට වඩා සැලකිය යුතු ලෙස අඩු අනුපාතයකි.

කෙසේ නමුදු ඉන්දියාව වසංගතයකට මුහුණ නොදෙන කාලයේ පවා වෛද්‍යමය වශයෙන් සහතික කර ඇත්තේ ලියාපදිංචි මරණ වලින් 22% ක් පමණි . එයින් අදහස් වන්නේ, මරණ වලින් බහුතරයක, මරණයට නිල හේතුව වෛද්‍යවරයෙකු විසින් සහතික කර නොමැති බවයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk