ඉන්දියාව සාමාන්‍යයෙන් ගෝලීයව අලෙවි කරන සියලුම එන්නත් වලින් 60% කට වඩා නිපදවන අතර එය ලොව විශාලතම එන්නත් නිපදවන ඉන්දියාවේ සේරම් ආයතනයේ නිවහන ද වේ. එහි විශාල නිෂ්පාදන හැකියාව අනුව අඩු ආදායම්ලාභී රටවල් සඳහා වට්ටම් හෝ නොමිලේ මාත්‍රාවන් සපයන ගෝලීය එන්නත බෙදාගැනීමේ මුලපිරීම වන COVAX හි ප්‍රධාන එන්නත් නිපදවන්නෙක් ද වනවා . පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද මූලික ගිවිසුම යටතේ SII රටවල් 92 කට මාත්‍රා මිලියන 200 ක් දක්වා නිෂ්පාදනය කරනු ඇත.
නමුත් ඉන්දියාවේ තත්වය මීට මාස කිහිපයකට පෙර පැවති තත්වයට වඩා බෙහෙවින් වෙනස් ය. එහි දෙවන රැල්ල මාර්තු මාසයේ ආරම්භ වූ අතර එය පළමු රැල්ලේදී වරකට දිනක වාර්තා වූ වැඩිම කොරෝනා වයිරස් රෝගීන් 97,000 ප්‍රමාණයට වඩා වැඩිවිය.ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව ඉරිදා රට තුළ නව රෝගීන් 261,500 ක් වාර්තා වී තිබේ.ඉන්දියාව සතියකට අඩු කාලයකදී නව කොරෝනා රෝගින් මිලියනයක් එකතු කළ අතර එය බ්‍රහස්පතින්දා මුළු රෝගීන් මිලියන 14 ඉක්මවා ගියේය.
මිලියන 19 ක ජනගහනයක් වෙසෙන අගනුවර වන දිල්ලියේ සති අන්ත සහ රාත්‍රී ඇඳිරි නීතිය ඇතුළු ප්‍රාන්ත සහ නගර නව සීමාවන් පැනවීය.මේ වන විට සංක්‍රමණික කම්කරුවෝ ද තම ගම්මාන සඳහා විශාල නගරවලින් පිටව යති. ඕනෑම අගුලු දැමීමක් සිදුවුවහොත් නැවත ඔවුන් අතරමං වේ යැයි බියෙනනි.මේ සියල්ල ාතර, එන්නත් සැපයුම් අඩාලව ගොස් ගොස් ඇති අතර, අවම වශයෙන් ප්‍රාන්ත පහක්වත් දැඩි හිඟයන් වාර්තා කරන අතර ඒ සඳහා ක්‍රියා කරන ලෙස ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටී.අර්බුදය හමුවේ, රජය සහ එස්අයිඅයි විසින් කෝවාක්ස් වෙත එන්නත් සැපයීමේ සිට තම පුරවැසියන්ට ප්‍රමුඛතාවය ලබා දීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
“ඉන්දියානු සේරම් ආයතනයෙන් මාත්‍රාවන් බෙදා හැරීම මාර්තු සහ අප්‍රේල් මාසවල ප්‍රමාද වනු ඇත” යනුවෙන් ජාත්‍යන්තර එන්නත් සංවිධානයක් වන ගාවි සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සන්ධානයක් විසින් මෙහෙයවනු ලබන කෝවාක්ස් මාර්තු 25 වන දින ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඉන්දියාව විසින් මේ වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා මිලියන 28 ක් ලබා දී ඇති අතර මාර්තු මාසයේදී තවත් මාත්‍රාවන් මිලියන 40 ක් සහ අප්‍රේල් මාසයේදී මිලියන 50 ක් ලබා දීමට නියමිතව තිබූ අතර, කෝවාක්ස් සහ ඉන්දීය රජය සැපයුම් සම්පූර්ණ කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව එම නිවේදනයේ දැක්වේ.මෙම නැවත නැවත ප්‍රමාද වීම දුප්පත් රටවලට දැඩි ලෙස බලපා ඇත. අප්‍රිකාවේ රෝග පාලන ආයතනයේ අධ්‍යක්ෂවරයා අනතුරු ඇඟවූයේ ඉන්දියාව අපනයනය රඳවා තබා ගැනීම මහාද්වීපයට “විනාශකාරී” විය හැකි බවයි.