ඉන්දියාවේ සහ කටාර් වරයාන් ගිනිගැනිමට පෙර සිටම තිබූ ඇසිඩ් කාන්දුව නිසා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාන්දු වූ බහලුම් වරයන් වලට බැමට ඉඩ ලබා නොදුන් බව ප්‍රකාශවේ


2

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවවේ ගින්න හේතුවෙන් මේ වන විට ශ්‍රි ලංකාවේ සගරය සහ වෙරලතිරය දරුනු පාරිසරික ව්‍යසනයකට පත්ව තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා කොළඹට නැංගුරම් ලා සිටියදී ගින්නකට හසු වූ මෙම නෞකාව ඊයේ පිපිරීමකට ලක්ව ඇති අතර, කාර්ය මණ්ඩලය වේගයෙන් ඉවත් කිරීම සිදුවිය. බහාලුම් 1,486 අතර ඇසිඩ් ටොන් 25 ක් පමණ රැගෙන ගිය බව ප්‍රකාශවී ඇත. දැවෙන බහාලුම්වල සුන්බුන් වෙරළට ගසාගෙන ගොස් ඇති අතර හානිකර රසායනික ද්‍රව්‍ය වලින් දූෂණය විය හැකි බැවින් ඒ කිසිවක් ස්පර්ශ නොකරන ලෙස ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා ඇත.

ගැලවීමේ කණ්ඩායම් – ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය හමුදා බලකායේ සහය ඇතිව – හානිය අවම කිරීම සඳහා සටන් වදින අතර, ඇසිඩ් සහ ඉන්ධන මුහුදට කාන්දු වී ඇතැයි සිතන අතර, නෞකාවේ හිමිකරු අපේක්ෂා කරන්නේ ලන්ඩන් පී ඇන්ඩ් අයි ක්ලබ් රක්ෂණය කළ නෞකාව සම්පූර්ණ අලාභයක් ලෙස ප්‍රකාශයට පත් වනු ඇති බවයි.සිංගප්පූරුවේ සිට ස්ප්ලෑෂ්  වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස් හි විධායක සභාපති ටිම් හාර්ට්නෝල් කියා සිටියේ ශ්‍රී ලංකාවෙන් කිලෝමීටර් දහස් ගණනක් ඇතින් අරාබි මුහුදේ සිටියදී කාර්ය මණ්ඩලය විසින් ඇසිඩ් කාන්දුවක් සොයා ගන්නා ලද බවයි. මේ සොයා ගන්නා ලද ඇසිඩ් කාන්දුව සඳහා දුර්වල ඇසුරුම්කරණය වගකිව යුතු බවයි. 

කාන්දුව හඳුනාගත් නෞකාවේ කපිතාන් විසින් අදලා බහලුම් බැමට ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ හසිරා සහ කටාර්හි හමාඩ් යන වරායන් දෙකක් සම්බන්ධ කර ගන්නා ලදී. මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ අතර මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේය. සමාගමේ වෙනම ප්‍රභවයක් මෙසේ අදහස් දැක්වීය:එම ස්පැල්ශ්247 වෙබ් අඩවිය ප්‍රකාශකරන ලෙස එම සමාගමේ වෙනම ප්‍රභවයක් මෙසේ අදහස් දැක්වීය බවයි: “එම වරායන් සිය රාජකාරිය ඉටු කර කාර්ය මණ්ඩලයට සහ නැවට අනතුරක් කරනවාට වඩා භාණ්ඩ ප්‍රවාහනය කළේ නම් මෙම ව්‍යසනය වළක්වා ගත හැකිව තිබුණි.”


Like it? Share with your friends!

2

Equality and Writing. I also sing and perform slam poetry