ඉන්දියාවේ තම පළමු මුහුදු පතුල් ඔප්ටිකල් ෆයිබර් ව්‍යාපෘතිය නිකෝබා දුපතතුල දියත් කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි , දූපත් 572 කට අධික සංඛ්‍යාවක් සහිත මෙම දූපත් සමූහයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ දැවැන්ත ප්රයත්නයක කොටසක් ලෙස අන්දමන් සහ නිකොබාර් දූපත් වලට එහි පළමු විශාල විදුලි ව්‍යාපෘතිය ලබා දීමටද තම රජය ගන්නා උත්සාහයන් වේගවත් කරන බව ප්‍රකාශ කලේය.

අගමැති මෝදි 2018 දෙසැම්බර් මාසයේදී දිවයිනේ සංචාරයක යෙදී සිටියදී දකුණු අන්දමන් හි හෝප් ටවුන් හි මෙගාවොට් 50 ක ගෑස් මත පදනම් වූ බලාගාරයට මුල්ගල් තැබීය .ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැවසුවේ විවිධ ව්‍යාපෘති දූපත් පිළිබඳ එරට රජයේ පුළුල් දැක්මෙහි කොටසක් වන අතර ගිනිකොනදිග ආසියාවේ ඉන්දියාවට නව අවස්ථා විවර කිරීම සඳහා ඒවා උල්පතක් ලෙස භාවිතා කරන බවයි.

එමෙන්ම මෙය කලාපය වරායන් සඳහා නැව්වලට විකල්පයක් ලෙස ලබා දෙන බව අගමැති මෝදි පැවසීය.ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාවේ බන්ඩා ආෂේ ඇතුළු අසල්වැසි වරායන් සඳහා විකල්පයක් ලෙස නිකොබාර් දූපතේ ඉදිකිරීමට යෝජිත වරාය ඉදිකිරීමට රුපියල් කෝටි 10,000 නව දිල්ලියට අවශ්‍ය බව නිලධාරීහු පැවසූහ.
යෝජිත වරාය පිහිටා ඇත්තේ ඉන්දියානු සාගරය සහ පැසිෆික් සාගරය අතර ප්‍රධාන නැව් මාර්ගය වන මලක්ක සමුද්‍ර සන්ධියේ මුඛයේ ය. මෙය ඉතා වැදගත් මුහුදු මාර්ග වලින් එකකි. දකුණු චීන මුහුද හරහා ගමන් කරනා බොරතෙල් පරිමාවෙන් සියයට 90 කට වඩා වැඩි ප්‍රමාණයක් මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි.