කොරෝනා නිසා අතරමංව ඇති ඉන්දියාවේ සංක්‍රමණිකයින් බේරා ගෙන නිවාස වලට යැවීම සඳහා සෝනු සූඩ් කැපී පෙනෙන සේවයක් මේ වන විට ඉටුකරමින් සිටිති.
සෝනු සූඩ් හින්දි, තෙළිඟු, දෙමළ, කන්නඩ සහ පන්ජාබි චිත්‍රපටවල ප්‍රධාන වශයෙන් රඟපාන ඉන්දියානු චිත්‍රපට නළුවෙක්, සහ නිෂ්පාදකයෙකි.
ඔහු ඉන්දිය රජය සංක්‍රමනික කම්කරුවන් නිවාස බලා යාමට කිසිත් නොකරන විට පළමුව, එය සංක්‍රමණිකයන් බස් මාර්ගයෙන් ගෙදර යැවීමට තම පෞද්ගලික ධනයෙන් කටයුතු කලේය. පසුව ඔහු කෙර්ලාහි අතරමංව සිටි ගැහැනු ළමයින් 177 දෙනෙකු ගුවන් ගත කළ අතර දැන් ඔහු තවත් සංක්‍රමණිකයන් 1000 ක් දුම්රිය මාර්ගයෙන් ආපසු ගෙදර යැවීමට ටිකට් වෙන් කරවා ගැනීම තහවුරු කර තිබේ.
සෝනු සූඩ් සහ ඔහුගේ කණ්ඩායම පිටත්ව යන සංක්‍රමණිකයින්ට ප්‍රමාණවත් ආහාර පෙට්ටි, වතුර බෝතල්, සනීපාරක්ෂක සහ වෙස් මුහුණු ලබා දුන් අතර එමඟින් ඔවුන්ගේ ගමන සැපපහසු හා සුමට විය.
මේ වන විට ඉන්දියව පුරා කොරෝනා අගුලු දැමීන නිසා දහස් සංක්‍යාංක සංක්‍රමනික කම්කරුවන් විවිධ නගර වල අතර මංව සිටිනවා බොහෝ කම්කරුවන් කිලෝමිටර් දහස් ගණන් ගෙවා තමන්ගේ ගම් බිම් සදහා පයින් යාමට කටයුතුකරමින් සිටිනවා.