ඉරානයේ න්‍යශ්ටික තාක්ශන පිලිබඳ ප්‍රධාන විද්‍යාඥ්ඥයා ප්‍රහරයකින් මියගිය බව ප්‍රකාශවේ


0

සිකුරාදා ටෙහෙරානය අසලදී ඝාතනයට ලක්වූ සිය ජ්‍යෙෂ්ඨ තම න්‍යෂ්ටික විද්‍යාඥ්ඥ මොහ්සන් ෆක්රිසාඩේ ඝාතනයට පළිගැනීමට ඉරානය පොරොන්දු වී තිබේ.දමවාන්ඩ් ප්‍රාන්තයේ අබ්සාඩ් හි සිදුවූ ප්‍රහාරයකින් ෆක්රිසාදේ රෝහලේදී මිය ගියේය.උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ හමුදා උපදේශක හුසේන් ඩෙහාන්,මෙම අපරාධකරුවන්ට “පහර දෙන” බවට ප්‍රතිඥ්ඥා දුන්නේය.

රහසිගත ඉරාන න්‍යෂ්ටික අවි වැඩසටහනක් පිටුපස ෆක්රිසාඩේ සිටි බව බටහිර බුද්ධි අංශ විශ්වාස කරයි.ඉරානය අවධාරනය කරන්නේ සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සාමකාමී අරමුණු සඳහා බවයි.එරට විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරීෆ් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ “මෙම රාජ්‍ය ත්‍රස්ත ක්‍රියාව හෙළා දකින ලෙස” ය.මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දොස් පැවරූ සරීෆ් මහතා “ඊශ්‍රායල භූමිකාව පිළිබඳ බරපතල සැකයක් ” ඇති බව කියා සිටියේය.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හොසේන් සලාමි පැවසුවේ “න්‍යෂ්ටික විද්‍යාඥ්ඥයින් ඝාතනය කිරීම යනු නවීන විද්‍යාවන් සඳහා අපගේ ප්‍රවේශය වැළැක්වීම සඳහා වන ගෝලීය ආධිපත්‍යය උල්ලංඝනය කිරීමක් ලෙසයි”.මෙම විද්‍යාඥ්ඥයා යෙලෝ කේක් ලෙස හැදින්වෙන සංශුද්ද නොවූ යුරේනියම් සංශුද්ධ කිරීම පිලිබඳ දැන සිටි ප්‍රබල විද්‍යාඥ්ඥයෙකු වේ.යුරේනියම් සිවිල් න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය සහ මිලිටරි න්‍යෂ්ටික අවි යන දෙකටම අත්‍යවශ්‍ය අංගයකි.

එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සියේ (සීඅයිඒ) හිටපු ප්‍රධානී ජෝන් බ්‍රෙනන් පැවසුවේ විද්‍යාඥ්ඥයින් ඝාතාය කිරීම “අපරාධ” සහ “අතිශයින් නොසැලකිලිමත්” ක්‍රියාවක් බවත් එය කලාපයේ ගැටුම් අවුලුවාලීමේ අවදානමක් ඇති බවත්ය.ඉරානයේ ආරක්ෂක අමාත්‍යංශය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “සන්නද්ධ ත්‍රස්තවාදීන් ඉලක්ක කළේ අමාත්‍යාංශයේ පර්යේෂණ හා නවෝත්පාදන සංවිධානයේ ප්‍රධානී මොහ්සන් ෆක්රිසාඩේ රැගත් වාහනයක් බවයි.ත්‍රස්තවාදීන් සහ ඔහුගේ ආරක්ෂකයින් අතර ඇති වූ ගැටුමකින් පසු, ෆක්රිසාදේ මහතා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.අවාසනාවකට මෙන්, ඔහුව බේරා ගැනීමට වෛද්‍ය කණ්ඩායම දැරූ උත්සාහය අසාර්ථක වූ අතර මිනිත්තු කිහිපයකට පෙර ඔහු අභාවප්‍රාප්ත විය.



Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk