යුක්රේන ජෙට් යානයක් කඩා වැටීම සම්බන්ධයෙන් ඉරානයට ඇමරිකාව විසින් චොදනා කර තිබෙනවා. ඉරානය විසින් රුසියාවේ නිශ්පාදිත මිසයිල යොදාගෙන යුක්රේන ගුවන් යානය බිම හෙලා ඇති බව ඇමරිකාව පවසනවා.එමෙන්ම ඇමර්කාව පවසන්නේ මෙය අත්වැරද්දකින් සිදු වූවාක් බවයි.

ගුවන් යානය කඩා වැටීම නිසා 176 දෙනෙකුගේ දිවි අහිමිවිය.ඉරාන වැසියන් 82,කැනේඩියානුවන් 63 යුක්රේනියානුවන් 11 ක්, ස්වීඩන ජාතිකයින් 10 ක්, ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 4 ක්, ජර්මානුවන් තිදෙනෙකු සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් තිදෙනෙකු ඊට ඇතුළත් බව යුක්රේනයේ විදේශ අමාත්‍යවරයා පැවසීය.
ඉරානයේ අනතුරට ලක්වූ යුක්රේන ගුවන් සේවය පිළිබඳ විමර්ශනයට එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (එන්ටීඑස්බී) සහභාගී වනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඉරාන ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය ටෙහෙරානයේ යුක්රේන ගුවන් යානා අනතුරට ලක්වන ස්ථානයට පැමිනෙන ලෙස කැනඩාවේ ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලයට (ටීඑස්බී) ආරාධනා කර ඇති බව ටීඑස්බී නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ටී.එස්.බී. විසින් මෙම ආරාධනය පිළිගෙන ඇති අතර අදාල ස්ථනයට යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින අතර, දැනටමත් එම ස්ථනයේ සිටින අනෙකුත් කණ්ඩායම් හා සංවිධාන සමඟ මණ්ඩලය කටයුතු කරනු ඇත.