ඊශ්‍රායල පර්යේෂකයන් සෙනසුරාදා ප්‍රකාශ කළේ Pfizer/BioNTech (PFE.N) , (22UAy.DE) COVID-19 එන්නතෙහි තුන්වන මාත්‍රාව නව Omicron ප්‍රභේදයට එරෙහිව සැලකිය යුතු ආරක්ෂාවක් සපයන බවයි. මෙම සොයාගැනීම් සතිය මුලදී BioNTech සහ Pfizer විසින් ඉදිරිපත් කරන ලද ඒවාට සමාන වූ අතර, අලුතින් හඳුනාගත් ප්‍රභේදයෙන් ආසාදනයෙන් ආරක්ෂා වීමට බූස්ටර එන්නත් ප්‍රධාන විය හැකි බවට මුල් සංඥාවක් විය.
ෂෙබා වෛද්‍ය මධ්‍යස්ථානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම වෛරස් විද්‍යාගාරය විසින් සිදු කරන ලද අධ්‍යයනයෙන්, මාස 5-6 කට පෙර එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් පුද්ගලයින් 20 දෙනෙකුගේ රුධිරය සහ මසකට පෙර බූස්ටරයක් ලබා ගත් පුද්ගලයින්ගේ එවැනිම සංඛාකක් හා සමග සංසන්දනය කර ඇත. “ශුභාරංචිය නම් බූස්ටර මාත්‍රාව සමඟ නව ප්‍රබේදයට ඇති ආරක්ශාව 10 ගුණයකින් පමණ වැඩි වීමයි. බූස්ටර මාත්‍රාවේ සැලකිය යුතු ආරක්ෂාවක් ඇත. එය ඩෙල්ටාවට එරෙහිව උදාසීන කිරීමේ හැකියාවට වඩා අඩුය, එය හතර ගුණයකින් අඩුය,” ඇය පැවසුවාය.