එක්සත් ජනපදයේ සහ ඕස්ට්‍රේලියාවේ කොරෝනා රෝගින් වැඩිවේ:ලොව පුරා රෝගීන් 92,000 ක් වාර්තා වේ


0

කොරෝනා වෛරසය පැතිරී යාම චීනයේ ආරම්භ වූ නමුත් දැන් එය ලොව පුරා රටවල් 77 කට ව්‍යාප්ත වී ඇත.වැඩිම ආසාදන සංඛ්‍යාවක් ඇති රට චීනය වන නමුත් පසුගිය සති කිහිපය තුළ රටවල් කිහිපයකම රෝගීන් වර්ධනය වෙමින් පවතී.

සමස්තයක් වශයෙන්, තහවුරු වූ රෝගීන් 92,880 ක් ඇති අතර, ලොව පුරා අවම වශයෙන් මරණ 3,200 ක් වාර්තා වේ.මේ වන විට දකුණු කොරියාවේ රෝගින් 5612 ද ඉතාලියේ 2502 ද ඉරානයේ රෝගින් 2359 ද ජපානයේ රොගින් 991 ද වාර්තාවී ඇත.

මේ වන විට ගෝලීය ලෙස වෛද්ය උපකරණ හිඟයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා ඇස්තමේන්තු ගත ලෙස වෛද්ය මුහුණු ආවරණ මිලියන 89 ක් පමණ, අත්වැසුම් මිලියන 76 සහ කණ්නාඩි මිලියන 1.6 සෞඛ්ය සේවා සේවකයන් සඳහා ගෝලීය ලෙස ලැබිය යුතු බව පැවසෙනවා.

කොරෝනා නිසා ලෝකයේ දරුණුතම බලපෑමට ලක්වූ රටක් වන ඉරානය 300,000 ක සෞඛ්‍ය සේවකයින්ගේ කණ්ඩායමක් සක්‍රීය කරමින් සිටී. කොම් නගරයෙන් පිටවීමට උත්සාහ කරන පුද්ගලයින්ට රෝග ලක්ෂණ ඇත්නම් නිරෝධායනය කරනු ලබන බව පැවසෙනවා.

මේ අතර චීනය ලෝකයේ විශාලතම හමුදාවක් සිටින රටක් වන නමුත් එහි කිසිදු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව මහජන විමුක්ති හමුදාවේ ජ්‍යේශ්ඨ සාමාජිකයෙකු පවසනවා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk