එක්සත් ජනපද ගුවන් හමුදාවේ එෆ් -35 රහසිගත ප්රහාරක යානා දෙකක් මැද පෙරදිග සටන් මෙහෙයුම් වලදී ජංගම ගුවන් ආරක්ෂක පද්ධතියක් සමඟ සමීපව මුණගැසුණි.
සතුරු ගුවන් ආරක්ෂක මර්දනය කිරීමේ රහසිගත සුපිරි සටන් කරුවෙකු ලෙස සලකන එෆ්-35 යානා තම හැකියාවන ඇත්ත ලොකයේදි උරගාබැලු ප්රතම අවස්ථව මෙය ලෙස සලකයි.
2020 මාර්තු මස මුලදී ගුවන් හමුදාවේ එෆ් -35 ඒකාබද්ධ කිරීමේ කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් ඩේවිඩ් අබ්බා කර්මාන්ත සමුළුවකට සහභාගී වූවන්ට එෆ්-35 යානයේ සුවිශේශි හැකියාවන් ගැන සිරියානු යුද බිමේදි වූ සිද්ධියක් යොදාගෙන පැහැදිලි කලේය.
මාස හතක කාලය තුල එෆ් -35 යානා 12 ක් පැය 7,300 ක යුද මෙහෙයුම් 1,300 ක් පියාසර කර ඇති බව පැවසෙනවා.
ඔහුට අනුව එෆ්-35 යානා දෙක විසින් සතුරු හමුදාවේ ජංගම ගුවන් ආරක්ශක රථ පෙලක් තම එෆ්-35 යානාවල රේඩාර් යොදානොගෙන හදුනාගෙන තිබේ.
එෆ්- 35 යානාවල එම ගුවන් යානා නාශක රථ විනාශ කිරිමට හැකියාව තිබුණත් ඔවුන් එය එම මොහොතේ සිදු නොකල බව ඔහු පවසා සිටිනවා.රුසියානු සහා ඉරානා සහය ලබානා සිරියාවේ රජයේ ආරක්ශක අංශවලට මෙම එෆ්-35 යානා වල කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වී ඇති බව ප්රකාශවනවා.