එක්සත් රාජධානියේ වෙළඳ අමාත්‍යවරයා ලෙස ශ්‍රි ලංකා සම්බ්නවයක් ඇති රනිල් ජයවර්ධන


0

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් එක්සත් රාජධානියේ වෙළඳ අමාත්‍යවරයා ලෙස රනිල් ජයවර්ධන මහතා පත් කර තිබේ.

2015 සිට ඊසානදිග හැම්ප්ෂයර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන මහතා අද (බදාදා) උදෑසන නිවේදනය කළේ පාර්ලිමේන්තු රාජ්‍ය ලේකම් ලෙස ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවට බැඳෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

ජයවර්ධන 2015 මැයි මාසයේදී ඊසානදිග හැම්ප්ෂයර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූ අතර 2017 දී නැවත තේරී පත් විය.

ඔහු ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලෙන් රජයේ උපාධියක් ලබා ඇත. ජයවර්ධනගේ පියා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයෙකි.2019 දී එවකට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ විසින් ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිතයා ලෙස රනිල් ජයවර්ධන පත් කර තිබුණි.

එවකට වෙළඳ නියෝජිත ලෙස ජයවර්ධනගේ කාර්යභාරය වූයේ ශ්‍රී ලංකාව සමඟ බ්‍රිතාන්‍යයේ වෙළඳාම සහ ආයෝජන සංවර්ධනයට සහාය වීම සහ වැඩි දියුණු කිරීමයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk