එමා වොට්සන් ඉරිදා (මාර්තු 13) රාත්‍රියේ Baftas හි සම්මාන උලෙලේ පෙනි සිටියේය . සත්කාරක රෙබෙල් විල්සන් හැරී පොටර් තරුව වේදිකාවට හඳුන්වා දුන් විට ඇය මෙසේ පැවසුවාය: “මෙන්න මීළඟ සම්මානය පිරිනැමීමට ඇත්තේ එමා වොට්සන්. ඇය තමා ස්ත්‍රීවාදියෙකු ලෙස හඳුන්වන නමුත් ඇය මායාකාරියක් බව අපි කවුරුත් දනිමු.
ඉන්පසු වෙදිකාවට පැමිණි වොට්සන් පසුව සිනාසෙමින් අවධාරනය කලේය: “මම සියලු මායාකාරියන් සඳහා මෙහි සිටිමි!” ලෙසයි. එක් නරඹන්නෙකු ට්විටර් හි මේ මොහොතේ ක්ලිප් එකක් පළ කරමින් මෙසේ ලිවීය: “එමා වොට්සන් JK විනාශ කරයි.”
Emma Watson is a queen for this pic.twitter.com/fng3dHsfYJ
— Joe🥤 (@JoePassmore) March 13, 2022
එමාගේ මෙම ප්‍රකාශය සියුම් ලෙස ජේකේ රොලිං ගේ සංක්‍රාන්ති ලිංකිකයන් පිලිබද පවසන ලද ප්‍රකාශවලට එල්ල කරන ලද හින් පහරක් බව බොහෝ දෙනා ප්‍රකාශ කරයි. මෙම සතියේ, ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කිරිමෙන් පසු හැරිපොටර් කතුවරිය සමාජ මාධ්‍යවල විවේචනයට ලක් විය.
ස්ත්‍රී පුරුෂ භාවය සහ සමානාත්මතාවය පිළිබඳ බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ ස්ථාවරය විවේචනය කරන ත්‍රෙඩ් එකක හැරී පොටර් නවකතාකරු මෙසේ ලිවීය: “පෙනෙන විදිහට, කම්කරු රජයක් යටතේ, අද අපි නම් නොකළ යුතු දිනය බවට පත් වනු ඇත.”
ලන්ඩනයේ රෝයල් ඇල්බට් ශාලාවේ පැවති මෙම වසරේ Baftas හිදී – Denis Villeneuve ගේ විද්‍යා ප්‍රබන්ධ වීර කාව්‍යයක් වන Dune විසින් නාමයෝජනා 11 ක් සමඟින් පෙරමුණ ගෙන සිටි අතර , ජේන් කැම්පියන්ගේ The Power of the Dog, සම්මාන මුළු සංඛ්‍යාව 8 ක් රැස්කර ගෙන ඇත. ද පවර් ඔෆ් ද ඩෝග් උත්සවයේ ඉහළම ත්‍යාග දිනා ගත්තේය.