එාමා වොට්සන්ගේ රංගන ජිවිතය අවසන් කිරිම ගැන ඇගේ කළමනාකරුගෙන් ප්‍රකශයක්


0

පසුගිය සතියේ වර්ථා වූයේ එමා වොට්සන් තම රංගන ජිවිතයෙන් අක්‍රිය වී ඇති බවයි.මේ බව ඩේලිමේල් වෙබ් අඩවිය ප්‍රකාශ කලේය.කෙසේ වෙතත් ඇගේ කළමණාකාරවරිය මේ පිලිබඳ නව ප්‍රකාශයක් නිකුත් කර ඇත.එන්ටර්ටේන්මන්ට් වීක්ලි පුවත්පත බ්‍රහස්පතින්දා දහවල් යුනයිටඩ් එන්ටර්ටේන්මන්ට් කළමනාකරු ජේසන් වෙයින්බර්ග්ගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේය. “එමාගේ සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රිය නමුත් ඇගේ වෘත්තිය එසේ නොවේ” යනුවෙන් ඔහු ප්‍රකාශ කලේය.

මේ වන විට එමාගේ නිල ඉන්ස්ටග්‍රෑම් පිටුව දැනට අක්‍රියව පවතින අතර එය යාවත්කාලීන නොකෙරේ.වොට්සන් ද 2020 අගෝස්තු මාසයේ සිට සිය ට්විටර් යාවත්කාලීන කර නැත . ට්විටර් බොහෝ දුරට වොට්සන් අනපේක්ෂිත ලෙස විශ්‍රාම යන පුවත ගැන කලබල වූ නමුත් ඇයගේ වැඩ කටයුතු අගය කළේය.‌කෙසේ වෙතත් එමා වොට්සන් අවසන් වරට පැපාසි කැමරා වලට හසුවුයේ වැලන්ටයින් දිනට පෙර මෙක්සිකෝවේදිය ඒ ඇය ඇගේ පෙම්වතා සමග සිටින ආකාරයයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk