කොරෝනා වයිරසයට එරෙහි එක්සත් රාජධානියේ එන්නත “යහපත්” ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව අධ්‍යයනයේ පළමු අදියරවල සොයාගැනීම්වලින් පෙනී යයි.
මුල් අවධියේ අත්හදා බැලීමේදී පෙන්නුම් කළේ එන්නත “ආරක්ෂිතයි, නමුත් අතුරු ආබාධ කිහිපයක් ඇති කරයි, සහ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කරයි” යනුවෙන් ලැන්සෙට්හි පළ වූ ප්‍රතඵල.
කෙසේ වෙතත්, විද්‍යාඥ්යින් අනතුරු ඇඟවූයේ ප්‍රතිඵල ප්‍රමාණවත් දැයි දැන ගැනීමට තවම කල් ඇති බවත්, විශාල අත්හදා බැලීම් මේ වන විට සිදුවෙමින් පවතින බවත් ය.
Oxford’s Covid-19 vaccine produces a good immune response, reveals new study.
— University of Oxford (@UniofOxford) July 20, 2020
Teams at @VaccineTrials and @OxfordVacGroup have found there were no safety concerns, and the vaccine stimulated strong immune responses: https://t.co/krqRzXMh7B pic.twitter.com/Svd3MhCXWZ
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් වැඩි දියුණු කරන ලද මෙම එන්නත ChAdOx1 nCoV-19 ලෙස හඳුන්වන අතර එය ලබා ගෙන ඇත්තේ චිම්පන්සින් හට එන්නත් කර එම ප්‍රතිශක්තිය විසින් අක්‍රිය කරන ලද වෛරසයක් මගිනි අතර එය එන්නත් දෛශිකය ලෙස හැඳින්වේ.
එය නිපදවා ඇත්තේ ජානමය වශයෙන් නිර්මාණය කරන ලද වෛරසයකින් වන අතර එය චිම්පන්සි හට එම වෛරසයෙන් සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරයි. මිනිස් සිරුර තුළ ප්‍රබල ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කිරීම සඳහා කොරෝනා වයිරසයේ ස්පයික් ප්‍රෝටීන් සමග සම්බන්ධ වීමට සැලසුම් කර ඇත.
එක්සත් රාජධානියේ රජය දැනටමත් එන්නත මාත්‍රා මිලියන 100 ක් ඇණවුම් කර තිබේ.අපේ‍්‍රල් 23 සිට මැයි 21 දක්වා නිරෝගී වැඩිහිටියන් 1,077 ක් සම්බන්ධ අත්හදා බැලීම්වලින් පෙනී ගියේ මෙම එන්නත මගින් COVID-19 සමඟ සටන් කළ හැකි ප්‍රතිදේහ සහ සුදු රුධිරාණු නිපදවීමට හේතු වූ බවයි. එය කිසිදු බරපතල අතුරු ආබාධයක් ඇති කළේ නැත.
එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සාරා ගිල්බට් මෙසේ පැවසුවාය: “අපගේ එන්නත COVID-19 වසංගතය පාලනය කිරීමට උපකාරී වේද යන්න තහවුරු කිරීමට පෙර තව බොහෝ වැඩ කළ යුතුව ඇත,”