ඕස්ට්‍රේලියාව එන්නත් කරන යේදී නව බාධකයකා මුහුන දී ඇති බව ප්රක්කශවී තිබෙනවා මේ සතියේ සමීක්ෂණයක් මගින් ඕස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකක් පමණ එන්නත් ලබා ගැනීමට අකමැති බව බව පවසා ඇති අතර එය පෙර මාසවලට වඩා ඉහළ අගයක් ගනී. ඕස්ට්‍රේලියාවේ අඩු ආසාදන අනුපාතයක් ඇති බැවින් එරට ජනතාව එන්නත් ගැනිමේ අවශ්‍යතවක් නොදකින බව පැවසෙනවා. මේ නිසා 2022 මැද භාගය වන තෙක් එහි මායිම් විවෘත කිරීමේ සැලසුම් ව්‍යර්ථ කිරීමට හේතුවිය හැකි බව සැක පහලවී තිබෙනවා.
Disappointing to see such sentiments. Low vaccination coverage is the greatest risk to health in Australia today. https://t.co/Qnmr7IsdQl
— Chief Health Officer, Victoria (@VictorianCHO) May 18, 2021
මිලියන 26 කට ආසන්න ජනගහනයක් සිටින රට දැඩි දේශසීමා සහ නිරෝධායන පාලනයන් හරහා වරින් වර හදිසි අගුලු දැමීම් වලක්වා ගැනීමට සමත් වී තිබේ. ඕස්ට්‍රේලියාව යනු කොවිඩ් හි පුළුල් ලෙස ප්‍රජා සම්ප්‍රේෂණයක් නොමැති ලෝකයේ ස්ථාන කිහිපයෙන් එකකි. එන්නත් නිසා ඇතිවිය හැකි අවදානම පිළිබඳව ඇති බිය සහ උදාසීනත්වය සමහර ඕස්ට්‍රේලියානුවන් අතර පැකිලීමට හේතු වී තිබේ.
සෞඛ්‍ය ප්‍රතිපත්ති උපදේශක හාචාර්ය බිල් බෝටෙල් 3AW ගුවන් විදුලි නාලිකාවට පැවසුවේ එන්නත් කිරීමේ අනුපාතය ඉහළ නැංවීම සඳහා රජයෙන් පැහැදිලි සන්නිවේදනයක් අවශ්‍ය බවයි. “මේ සම්බන්ධයෙන් අපට ඉදිරියට යන විට අපට තිබිය හැකි වැදගත්ම දෙය විශ්වාසයයි. විශ්වාසය ගොඩනැඟෙන්නේ සත්‍යයේ පදනම මත පමණයි” මහාචාර්ය බෝවෙල් පැවසීය.