ඔස්ට්‍රේලියාවේ ගම් දනව් වසා ගනිමින් මකුලුවන් මකුලු දැල් බැඳ ඇති බව ප්‍රකාශවේ


0

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචිකරුවන්ට මේ දිනව වල අමුතු දර්ශනයක් දක්නට ඇත ඒ ඔවුන්ගේ ප්‍රදේශය මකුලු දැල්වලින් වැසී තිබීමයි.මීට පෙර සිදූවූ ගංවතුර තත්ව්‍යෙන් පසු මෙම අපූරු සංසිද්දිය දැකගැනීඅමට් හැකීවූ බව ප්‍රදේශවාසින් පවසයි. සිඩ්නි විශ්ව විද්‍යාලයේ පරිසරවේදියෙකු වන මහාචාර්ය ඩීටර් හොචුලි සී පැවසුවේ කාලගුණික තත්ත්වයන් අනුව මකුළු සේද මුහුද පුදුමයට කරුණක් නොවන බවයි. “මෙය ගංවතුරෙන් පසු පුදුම හිතෙන පොදු සංසිද්ධියක්” ඔහු පැවසීය.

“අපට මේ ආකාරයේ තද වැසි සහ ගංවතුර ඇති වූ විට, භූමියේ ගුල් තුල ගත කරන මෙම සතුන්ට තවදුරටත් එහි වාසය කළ නොහැකිය. ඔවුන් ඉහළ භූමියට ගමන් කරයි,” ඔහු තවදුරටත් පැවසීය . හොචුලි පැවසුවේ මෙම මකුලුදැල් වියිමට වගකිවයුතු අරක්නිඩ් යනු බිමෙහි ජීවත් වන ෂීට් වෙබ් මකුළුවන් බවයි. මෙම සංසිද්ධිය බැලූනින් (
ballooning ) ලෙස හැඳින්වේ. වෙබ් අඩවිය තවදුරටත් මෙසේ පවසයි: “මකුළුවන් දහස් ගණනක් එකවර බැලූනය කිරීමෙන් පඳුරු හෝ කෙත්වතු ආවරණය කරමින් ගොසමර් ලෙස හැඳින්වෙන සිල්ක් කාපට් මෙන් මකුලු දැල් ඇති විය හැකි බවයි”


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk