ඕස්ටේලියානු අගමැති එරට විශ්ව විද්‍යාලවලට පැමිණි සිසුන්ට නැවත මව් රටවල් වලට යාමට පවසයි


0

කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන ජාත්‍යන්තර සිසුන් නැවත තම රටවල් බලා යා යුතු බවට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කළ යෝජනා නිසා මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින බොහෝ සිසුන් දැඩි දුශ්කරතාවයට පත්ව තිබෙනවා

“ඔවුන්ට මෙහි අනිවාර්යයෙන්ම සිටින්නට අනවශ්‍ය යි ” යැයි මොරිසන් මහතා අප්‍රේල් 3 දින පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. “ඔවුන්ට තමන්ව බලාගැනීමට නොහැකි නම්, ඔවුන්ට නැවත තම මව් රටට යාමට විකල්පයක් තිබේ.

තව දුරටත් අදහස් දැක්වූ මොරිසන් මහතා පැවසුවේ “හොඳ කාලවලදී ඕස්ට්‍රේලියාවට අමුත්තන් පැමිණීම සතුටක්” බවයි. නමුත් දැන් ඔවුන් සිටින්නේ හොද කාලයක නොවන නිසා “ඔබේ නිවසට යා යුතුය” සහ “ඔබේ මව් රටවල ලබා ගත හැකි ආධාර පිලිබද ඔබ සොයා බැලිය යුතු බවයි “

මේ පිලිබද මොනාෂ් විශ්ව විද්‍යාලයේ උපකුලපති මාග්‍රට් ගාඩ්නර් පැවසුවේ මෙම අවස්ථවේදී ජාත්‍යන්තර සිසුන්ට උපකාර කාර කිරීමට රජය ද “පියවරෙන් පියවර” ඉදිරියට යා යුතු බවය “ගෝලීය අර්බුදයකදී, ලොව පුරා වෙසෙන ජනයා ආර්ථික අරගලයක යෙදී සිටින විට, ඔවුන්ට තමන් විසින්ම ආරක්ශා වීම අපේක්ෂා කළ නොහැකි විය හැකි බව ඔහු පැවසිය.

ශ්‍රි ලංකාවේද විශාල සීසුන් ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබයි. මේ වන විට බොහෝ සිසුන්ගේ රැකියාවන් අහිමිවී ඇති අතර බොහෝ දෙනාට නිවසට වී සිටිමට සිදුවී ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk