කත්‍රිනා කයිෆ් සහ විකී කෞෂාල් ඔවුන්ගේ විවාහ වාර්තා ගැන තවම කිසිවක් පැවසුවේ නැති වුවත් ඔවුන් සැම දිනම පුවත් මවමින් සිටී . වාර්තා වන අන්දමට මෙම තරු යුග දිවියට එළඹීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 9 වනදායි. රාජස්ථාන් ප්‍රාන්තයේ සවායි මධෝපූර් හි පිහිටි සික්ස් සෙන්ස් ෆෝට් නම් රජ මාලිගයේදී ඔවුන් දෙදෙනා විවාහ වීමට නියමිතයි.
කත්‍රිනා කයිෆ් සහ විකී කෞෂාල්ගේ විවාහය පෞද්ගලික කටයුත්තක් වනු ඇත. ඔවුන්ගේ විවාහ මංගල්‍යයට දුරකථන නොමැති ප්‍රතිපත්තියක් තිබෙන බව වාර්තා වේ. ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ සඳහන් අමුත්තන් ලැයිස්තුවට කරන් ජොහාර්, අලි අබ්බාස් සෆාර්, කබීර් ඛාන් සහ මිනි මතුර්, රෝහිත් ෂෙට්ටි, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ කියාරා අද්වානි, වරුන් ධවාන් සහ නටාෂා දලාල් වැනි තරු ඇතුළත් වේ.
විසහ කත්‍රිනා මුලින්ම හමුවන්නේ 2018 වසරේ කරන් ජොහාර්ගේ වැඩසටහනක් තුලදිය. 2019 දී, විකී කෞෂාල් සහ කත්‍රිනා කයිෆ් මුම්බායි හි රාත්‍රී භෝජන සංග්‍රහයක දී දැකීමෙන් පසු එය විශාල පුවතක් විය. එම දිනයේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ උමතු ලෙස සංසරණය විය.