කත්රිනා කයිෆ් සහ විකී කෞශාල් අතර විවහාය පසුගිය දා සිදුවිය මේ වන විට මධුසමය ගත කරන අලුත විවාහ වූ යුවළ ඉරිදා ඔවුන්ගේ මෙහෙන්දි උත්සවයේ විනෝදජනක ඡායාරූප සමාජ ජලාවල පලකලේය. කත්රිනා සහ විකී යන දෙදෙනාම විනෝදයෙන්, සිනහවෙන් හා සතුටෙන් කෑගසයමින් ඉන්දියානු සාම්ප්රදායි මෙහෙන්දි උත්සවයට සහභාගි වන ආකාරය එම ඡායාරුප වල දැක්වේ.
තවත් පින්තූරයක, කත්රිනා සහ විකී දෙදෙනාම තම දෑත් අහසට විසි කරන විට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් ඔසවනු දැකිය හැකිය. සාම්ප්රදායික, ජනවාර්ගික ඇඳුම්වලට නවීන ලෙස හැඩගැස්වන ලද ඇඳුම් පැළඳුම් වලින් ඔවුන් සැරසී සිටියේය.ඔවුන්ගේ සමීපතම මිතුරන් සහ ක්ෂේත්රයේ මිතුරන් කිහිප දෙනෙකු කත්රිනා පලකරන ලද ඡායාරුපවල මෙම යුවළට ආදරය සහ සුභ පැතුම් ප්රකාශකර සිටියේය