ත්‍රිකුණාමලයේ කන්තලේ අග්බෝගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක් වර්ථාවිම සමග ප්‍රදේශයේ ආරක්ශාව උදේසා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්න්දව අද කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහි මූලිකත්වය ගෙන ඇත්තේ අසංක අබේවර්ධන මහතා විසිනි.
මේ වන විට පවුලේ සාමාජිකයින් අට දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා ඇති අතර තවත් පවුල් 16 ක සාමාජිකයින් 56 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා ඔවුන්ගේ නිවෙස්වලම යොමුකර ඇත.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජසිංහ මහතා පවසන්නේ කොරොන වයිරස් රෝගීන් වර්ථා වූ නිසා අනුරාධපුර, රාජන්ගනාය, යයා 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරනය සීමා කර ඇති බවයි.
මේ වන ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවියට අනුව දිවයිනේ සමස්ථා කොරෝනා රෝගින් සංඛ්‍යාව 2644 දක්වා ඉහල ගොස් ඇත.1981 ක් සුවවී ඇති අතර රෝගින් 652 ක් රොහල් තුල ප්‍රතිකාර ලබයි.