කැලිෆෝනියා ප්‍රාන්තයම රතුපාටින් වැසීයමින් දැවැන්ත ලැව් ගිනි ඇතිවිමට හේතුව දේශගුනික විපර්‍යාස බව ප්‍රකාශාවේ


0

එක්සත් ජනපදයේ බටහිර දිග ප්‍රාන්ත හරහා පැතිර යන මාරාන්තික ලැව්ගිනි පෙන්නුම් කරන්නේ දේශගුණික විපර්යාස පිළිබඳ විවාදය “අවසන්” වී ඇති බවයි, කැලිෆෝනියා ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් පවසයි.

“කැලිෆෝනියා ප්‍රාන්තයට එන්න. ඔබේම දෑසින් එය නිරීක්ෂණය කරන්න,” ඔහු ගිනිගත් කඳුකරයේ සිට වාර්තාකරුවන්ට පැවසීය.කැලිෆෝනියාවේ, ඔරිගන් සහ වොෂිංටන්හි සති තුනක් තිස්සේ ගින්නක් හටගෙන තිබේ.

මීට පෙර වර්ථා නොවූ ආකරයේ උශ්නත්වයක් මධ්‍යයේ සුළඟින් හමා ගිය ගින්නෙන් අක්කර මිලියන ගණනක් ගිනිබත් වී, නිවාස දහස් ගණනක් විනාශ වී ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබේ.සිකුරාදා ඔරිගන් ආණ්ඩුකාර කේට් බ්‍රවුන් කියා සිටියේ ඇගේ ප්‍රාන්තයේ පමණක් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති බවයි.

කැලිෆෝනියාවේ අගෝස්තු 15 සිට ගින්නෙන් අවම වශයෙන් මරණ 20 ක් වාර්තා වී තිබේ. ගිනි නිවන භටයින් 14,800 ක් දිගින් දිගටම ප්‍රාන්තයේ ප්‍රධාන ගින්න 28 ක් මැඩලීම නිසා දස දහස් සංඛ්‍යාත ජනතාවක් ඉවත් කිරීමේ නියෝග යටතේ සිටිති.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk