කොරොන වයිරස් ප්රභේදයන් මුලින්ම හඳුනාගත් ජාතීන් ගේ නම් වැරදි ලෙස වාර්තා කිරීම හා අපකීර්තියට පත් නොකිරීම සඳහා ග්‍රීක හෝඩියේ අකුරු මගින් එම ප්‍රභේද හදුනාගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි. “මේ වන විට වෙනත් නම් වලින් නම් තිබියදීත්, මෙම විද්‍යාත්මක නම් කීමට හා සිහිපත් කිරීමට අපහසු විය හැකි අතර ඒවා වැරදි ලෙස වාර්තා කිරීමට ඉඩ ඇත” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Today, @WHO announces new, easy-to-say labels for #SARSCoV2 Variants of Concern (VOCs) & Interest (VOIs)
— Maria Van Kerkhove (@mvankerkhove) May 31, 2021
They will not replace existing scientific names, but are aimed to help in public discussion of VOI/VOC
Read more here (will be live soon):
https://t.co/VNvjJn8Xcv#COVID19 pic.twitter.com/L9YOfxmKW7
“විද්‍යාත්මක නම් වෙනුවට මිනිසුන් බොහෝ විට වෛරසය වර්ගය හඳුනාගත් ස්ථාන අනුව ප්‍රභේද ඇමතීමට හුරුව ඇති අතර එය ජාතින් සහ රටවල් අපකිරිතියට සග වෙනස් කොට සැලකීමට ලක් වේ. යනුවෙන් ඔවුන් පවසයි” එක්සත් ජාතීන්ගේ ඒජන්සිය විසින් සැලකිලිමත් වන සහ සාමාන්‍යයෙන් එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය සහ ඉන්දියාව යන ප්රභේදයන් ලෙස සැලකෙන කොරොන වයිරස් ප්‍රභේද හතරට දැන් ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා යන අක්ෂර ලබා දී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය එම ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ නව ලේබල් සම්මත කර ගැනීමට මාධ්‍ය ආයතන සහ ජාතික බලධාරීන් දිරිමත් කළ බවයි.
“වෛර්සවලට දැනට පවතින විද්‍යාත්මක නම් වෙනස් නොකරන අතර ඒවා වැදගත් විද්‍යාත්මක තොරතුරු ගෙන එනු ඇති අතර ඒවා පර්යේෂණ සඳහා දිගටම භාවිතා කරනු ඇත” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නායක මාරියා වැන් කෙර්කොව් ට්වීට් කළේය.වෛරස් ප්‍රභේද නම් කිරිමේදී ග්‍රීක හෝඩිය තෝරා ගැනීමට පෙර මාස ගණනක සාකච්ඡාවලින් පසුව ග්‍රීක දෙවිවරුන් ගේ නම් ද විශේෂඥ්ඥයින් විසින් සලකා බලන ලද බව සාකච්ඡාවලට සම්බන්ධ වූ බැක්ටීරියා විද්‍යාඥ්ඥ මාක් පැලන් පවසයි.