කොරොනා වලට මුහුදෙන ආකාර ගැන නාවික හමුදාවෙන් විශේෂ වැඩපිලිවලක්


0

COVID 19 වෛරසය සහිත රෝගියෙකු නෞකාවක සිට අදාළ රෝහලට ගෙනයාම සහ භූමියෙ යම් ප්‍රදේශයක් නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය පෙරහුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වරායේ පුහුනු පෙරහුරුවක් පවත්වන ලදී.

සුවසැරිය ගිලන්රථ සේවය, කොළඹ වරායේ ගිනි නිවීමේ ඒකකය, වරාය සෞඛ්‍ය සේවය සහ ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරුන් සමඟ එක්ව මෙම අභ්‍යාසය සිදු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මෙම පෙරහුරුවට සුවසැරිය සහ නාවික හමුදාව එක්විය (ඡ්‍යාරුප- ශ්‍රි ලංකා නාවික හමුදාව)

මෙම සරඹය ශ්‍රී ලංකා නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (සීබීආර්එන්) ප්‍රතිචාර එකකය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයක් ලෙස කොරෝනා වෛරසය ප්‍රකාශයට පත් කරන ලද පසුබිමක සිදු කරන ලදී.

සිදු කරන ලද සරඹයේ අවධානය යොමු වූයේ හැකි අසාධන වූ රෝගීන් ආරක්ෂිතව අදාළ රෝහලකට මාරු කරන්නේ කෙසේද, රෝගීන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කරනු ලබන අතර තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු පියවරයි.

මෙම ක්‍රියාකාරී පියවර නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ආරම්භ කරන ලද අතර, බටහිර නාවික හමුදාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, ජ්‍යෙෂ්ඥ්ඨ නාවික නිලධාරීන්, වරාය අධිකාරියේ නිලධාරීන් ගේ අධික්ශනය යටතේ සිදුවිය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk