කොරෝනා වෛරස් වසංගතයේ මූලාරම්භය විමර්ශනය කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරස් ප්‍රතිදේහ පරීක්ෂණයකින් අසමත් වීමෙන් පසුව චීනයට පියාසර කිරීම අවහිර කර ඇත.
විද්‍යාඥ්ඥයින් 13 දෙනෙකුගෙන් යුත් ජාත්‍යන්තර කණ්ඩායමක් මධ්‍යම චීන නගරයක් වන වුහාන් වෙත ගොඩබෑමට නියමිතව තිබූ අතර, කොරෝනා වයිරසය පිළිබඳ සිද්ධීන් ප්‍රථම වරට වාර්තා වූයේ 2019 අග භාගයේදී ය . නමුත් එම කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු සිංගප්පූරුවේ රැඳී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ට්වීට් මාලාවකින් කියා සිටියේය.
2020 නොවැම්බරයේ සිට, චීනයට පියාසර කරන සංචාරකයින්ට IgM ප්‍රතිදේහ පරීක්ෂණයක් සහ PCR පරීක්ෂණයක් සඳහා ස්ෘණාත්මක ප්‍රතිඵල පෙන්විය යුතුය.චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් බ්‍රහස්පතින්දා නිත්‍ය මාධ්‍ය හමුවකදී කියා සිටියේ, “අදාළ වසංගත වැළැක්වීමේ රෙගුලාසි සහ අවශ්‍යතා රට දැඩි ලෙස පිළිපදින බවත්, මූලාරම්භය සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම සඳහා චීනයට පැමිණෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ්ඥ යින්ට අනුරූප සහය සහ පහසුකම් ලබා දෙන බවත්ය.