ඊයේ (22) රෝගීන් 22 ක් වාර්තා වීමත් සමඟ රටේ කොරෝනා ආසාදන සංඛ්‍යාව 2752 දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිත පුද්ගලයින් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
තවත් හත් දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් තැනැත්තා කණ්ඩකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ ආශ්‍රිතයන් බව රජයේ
ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ආසාදිත පුද්ගලයින් 677 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර 2064 දෙනෙකු සුවපත් කර ඇත.දෝහා හා කටාර් සිට ගුවන් යානයකින් නැවියන් ඇතුළු මගීන් විසි නව දෙනෙකු අද පෙරවරුවේ දිවයිනට පැමිණියහ.