කොරෝනා එන්නත් මාත්‍රා 800,000 දීමට එංගලත්‍තය සියල්ල සුදානම් බව ප්‍රකාශවේ


0

එක්සත් රාජධානියේ ඉතිහාසයේ මෙතෙක් සිදු වූ විශාලතම එන්න කිරීම NHS විසින් අඟහරුවාදා සිට ආරම්භ කරන බව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.පෙරටුගාමී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, වයස අවුරුදු 80 ට වැඩි පුද්ගලයින් සහ රැකවරණ ගෘහ සේවකයින්ට ප්‍රථමයෙන් කෝවිඩ් -19 එන්නත ලබා දෙනු ඇත.

එන්නත ලබා දීම සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස එංගලන්තයේ, රෝහල් 50 ක් මුලින් තෝරාගෙන ඇත්ත.සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසින් එන්නත් කිරීමේ ක්‍රමය ආරම්භ කිරීම “ ඓතිහාසික අවස්ථාවක්” ලෙස විස්තර කළේය.”මෙම වෛරසය මැඩපැවැත්වීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරන ලෙසත්, මෙම තීරණාත්මක කාර්යය සිදු කරන අතරතුර සෞක්‍ය සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සෞක්‍ය අරක්ශිත පිලිවෙලවල් අනුගමනය කරන ලෙසත් මම සෑම කෙනෙකුගෙන් ඉල්ලා සිටිමි.”ඔහු පැවසීය.

එන්නත් මාත්‍රාව සහිත ශීත කළ බහාලුම් එක්සත් රාජධානියට බෙල්ජියමේ සිට පැමිණන අතර ආරක්ෂිත ස්ථානවල සිට රෝහල් වෙත ගෙන යාමට සූදානම් වෙමින් සිටී.එන්නත මාත්‍රාව 800,000 ක් පමණ ලබන සතියේ සිට එක්සත් රාජධානියේ දී මුල්වටය ලෙස ලබාදීමට අපේක්ෂා කෙරේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk