ෆයිසර් විසින් මේ සතියේ ඔවුන්ගේ පර්යේෂණාත්මක කොරෝනා වයිරස් එන්නත පිළිබඳ විශ්මය ජනක ධනාත්මක දත්ත නිකුත් කළ අතර මෙම මාසය අවසන් වන විට නියාමන අනුමැතිය සඳහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු විය හැකි නමුත් අනුමත කිරීමේ ක්‍රියාවලිය හරහා එන්නතක් ලබා ගැනීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි විශේෂඥ්ඥයෝ සඳහන් කළහ.
දෙසැම්බරයේ අවසාන භාගයට පෙර ඇමරිකානුවන් හට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන් කිසිදු අවසරයක් බලාපොරොත්තු නොවිය යුතු බව විශේෂඥ්ඥයෝ ප්‍රකාශ කලේය. ඊට හේතුව වන්නේ FDA ආයතනය අවසන් වරට ලබාගත් දත්තද සමාලෝචනය කිරීමට කාල ගැනීමයි.
වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ලැරී කෝරි සහ එක්සත් ජනපදයේ කොරෝනා වයිරස් එන්නත් අත්හදා බැලීමේ ජාලයට නායකත්වය දෙන ෆ්‍රෙඩ් හචින්සන් ජාත්‍යන්තර මාධ්‍ය වෙන පැවසුවේ ෆයිසර් සමගමේ සායනික අත්හදා බැලීමේ දත්ත සමාලෝචනය කිරීමට එෆ්ඩීඒ වෙත දින 10 ක් පමණ ගතවනු ඇතැයි තමන් සිතන බවයි.
කෙසේ නමුත් එන්නත් පිලිබඳ තීරණ ගැනීමේදී FDA හි ජීව විද්‍යාත්මක ඇගයීම් හා පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වෛද්‍ය පීටර් මාක්ස් පවසා ඇත්තේ ඒජන්සිය වේගයෙන් ඉදිරියට යන නමුත් අත්‍යවාශ්‍ය කොටස් සදහා දලා කාලය ගන්නා බවයි. නමුත් එයින් අදහස් කරන්නේ එක රැයකින් අනුමත කිරීමක් සිදු නොවන බවයි පැවසෙන්නේ.