කොරෝනා නිසා මියගිය පළමු පුද්ගලයා ඉන්දියාවෙන් වාර්තාවෙයි


0

කර්නාටක සෞඛ්‍ය දෙපාර්තමේන්තු කොමසාරිස්වරයා පැවසුවේ කලබුරාගි හි 76 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා වෛරසය නිසා මියගොස් ඇති බවයි.එම පුද්ගලයාහට කොරොනා රෝගය වැලදි ඇති බව නිශ්චිත කර ගැනීමට පෙර මිය ගොස් ඇති බව වර්තාවනවා.

මෑතකදී සෞදි අරාබියේ සිට ආපසු පැමිණි මෙම පුද්ගලයා අඟහරුවාදා රාත්‍රියේ මියගොස් තිබේ.බලධාරීන් පැවසුවේ රෝගියාට අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ ඇදුම සහ ඇපෙන්ඩිසයිටිස් වැනි දරුණු රෝගාබාධ තිබූ බවයි.

දේහය බැහැර කිරීම සඳහා සියලු නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළ බව රාජ්‍ය ඒකාබද්ධ අධ්‍යක්ෂ (බෝවන රෝග) බී.ජී. ප්‍රකාශ් කුමාර් මහතා පැවසීය. “ශරීරය සම්පූර්ණයෙන්ම විෂබීජ නාශකකරනය කර අතර ඉන්දීය රජයේ මාර්ගෝපදේශයන්ට අනුව බැහැර කරනු ලැබේ” යනුවෙන් ඔහු පැවසීය


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk