නයේ ප්‍රධාන භූමියේ පුද්ගලයින් 108 දෙනෙකු සඳුදා මිය ගිය අතර, එය මෙතෙක් සිදු වූ විශාලතම තනි මරණ සංඛ්‍යාවයි. චීනයේ ප්‍රධාන භූමියේ නව රෝගීන් 2,478 ක් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 42,638 කි. අඟහරුවාදා උදෑසන වන විට ලොව පුරා පුද්ගලයින් 43,090 ක් ආසාදනය වී ඇත.
මේ වන විට ජපානයේ නිරෝධායනය කරන ලද නෞකාවක 135 කට කොරෝනා තහවුරු වී තිබේ. දෙදහසකට වැඩි පිරිසක් රැගත් තවත් නෞකාවක් වරායන් හතකින් ඇතුලු ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු තවමත් නැංගුරම් ලැමට වරායක් සොයමින් සිටී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අඟහරුවාදා ජිනීවා නුවරදී දින දෙකක රැස්වීමක් ආරම්භ කරමින් කොරෝනා වෛරය පිළිබඳව ආ කියා සිටියේ වුහාන් කොරෝනා වෛරසය “සෙසු ලෝකයට ඉතා බරපතල තර්ජනයක්” බවයි.
“චීනයේ රෝගීන්ගෙන් 99% ක්ම සිටින අතර, එය එම රටට ඉතා හදිසි තත්වයක් ලෙස පවතී. එය ලෝකයේ සෙසු රටවලටද බරපතල තර්ජනයක් වී තිබේ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසීය.