ජංගම තාක්ෂණය සහ බිග් ඩේටා මත විශ්වාසය තබන චීන රජය මිනිසුන්ගේ ගමන් පාලනය කිරීමට සහ කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා වර්ණ පදනම් කරගත් “සෞඛ්‍ය කේත” ක්‍රමයක් භාවිතා කර ඇත.
ස්වයංක්‍රීයව ජනනය කරන ලද ඉක්මන් ප්‍රතිචාර කේත, සාමාන්‍යයෙන් QR කේත ලෙස කෙටියෙන් දක්වා ඇති අතර, පුරවැසියන්ට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දර්ශකයක් ලෙස මෙය ලබාදෙනු ලැබේ.

බලධාරීන් විසින් තවමත් සෞඛ්‍ය කේත අනිවාර්ය කර නොමැති නමුත්, බොහෝ නගරවල, යෙදුම නොමැති පුරවැසියන්ට ඔවුන්ගේ නේවාසික ප්‍රදේශයේ හැර හෝ බොහෝ පොදු ස්ථානවලට ඇතුළු වීමට නොහැකි තත්වයක් ඇතිව ඇත.
චීනය අනුගමනය කරමින් අනෙකුත් රජයන් ද වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ඒ හා සමාන තාක්ෂණයන් වෙත යොමු වී තිබේ. සිංගප්පූරුව පසුගිය මාසයේදී කොරොනා රෝගින් ගේ සම්බන්ධතා සොයා ගැනීමට ස්මාර්ට්ෆෝන් යෙදුමක් දියත් කළ අතර එමඟින් කොවිඩ් -19 රෝගීන්ට නිරාවරණය වූ පුද්ගලයින් හඳුනා ගැනීමට බලධාරීන්ට ඉඩ සැලසින.
ජපාන රජයද මීට සමාන යෙදුමක් භාවිතා කිරීම ගැන සලකා බලයි. ජනතාවගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීම සහ එහි කොරෝනා වයිරස් අගුළු දැමීම බලාත්මක කිරීම සඳහා මොස්කව් විසින් QR කේත පද්ධතියක් හඳුන්වා දී ඇත .