අත් සේදීම, වෙස්මුහුණු පැළඳීම ( ඔබ දැනටමත් අසනීප නොවන්නේ නම් වෛද්‍ය උපදෙස් නොදුන්නද ) සහ විශාල ජනකායක් ගැවසෙන ස්ථන වලට යාමෙන් වැලකීම ඇතුළුව නව කොරොන වයිරසයෙන් ආසාදනය වීම වැළැක්වීම සඳහා ලොව පුරා සිටින පුද්ගලයින් අමතර පියවර ගනී . නමුත් බොහෝ දෙනෙක් තම ස්මාර්ට් දුරකථනය පිරිසිදු කිරීමට අමතක කරති.
දොර ජැනෙල්, කාමර සහ සියල්ලම අතුගා පිරිසිදු කලත්, ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය හොඳින් පිරිසිදු කිරීමට ඔබ නොසිතනු ඇත. නමුත් ඔබ එය දවස පුරා ඔබේ අතේ තබාගෙන ඔබේ මුහුණට තබා ගන්නා උපකරණයකි.
කොරෝනා වයිරස් පැතිරීයාම්ට යාමට පෙර, ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයින් පාරිභෝගිකයින්ට කියා සිටියේ ඔවුන්ගේ ස්මාර්ට් ටච් තිරවල ඇති ආලේපනයට හානි නොකිරීම සඳහා ඔවුන්ගේ උපාංගවලට විෂබීජ නාශක පිසදැමීම් හෝ ඉසින භාවිතා කිරීමෙන් වළකින්න ලෙසයි. ඇපල්, විශේෂයෙන් අයිෆෝන් හිමිකරුවන්ට කියා සිටියේ තම දුරකථන පිරිසිදු කිරීම සඳහා වතුරෙන් තෙත් කළ රෙදි කැබැල්ලක් භාවිතා කරන ලෙසයි.
අයිෆෝන් 11, 11 ප්‍රෝ සහ 11 ප්‍රෝ මැක්ස් උණුසුම්, සබන් වතුරෙන් පිරිසිදු කළ හැකි බව ඇපල් සමාගම පවසයි.නමුත් කොරෝනා වයිරසය ලොව පුරා පැතිරීම සමඟ ඇපල් සිය මාර්ගෝපදේශ වෙනස් කර ඇත. ඔබේ අයිෆෝන් පිරිසිදු කිරීම සඳහා 70% අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් හෝ ක්ලෝරොක්ස් පිසදැමීමක් භාවිතා කළ හැකි බව සමාගම දැන් පවසයි.

කෙසේ නමුත් ඇපල් සමාගම පවසනේ ඔබේ දුරකථනයට බරපතල හානියක් විය හැකි බ්ලීච් භාවිතා නොකළ යුතු බවයි. අතිරේක හානියක් සිදුවිය හැකි ඔබගේ දුරකථනයේ පොට්ස් ඇතුලත තුළ පිරිසිදු කාරය යොදා විෂබීජහරණය කිරීමෙන්ද ඔබ වැළකී සිටිය යුතු බවයි.
ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය වැඩි වශයෙන් හෝ අඩු වශයෙන් සෘජුකෝණාස්රාකාර විශබීජ ගාරයක් වැනිය. ඔබ ස්පර්ශ කරන සෑම දෙයකින්ම දුරකථනය බැක්ටීරියා රැගෙන යන බව විවිධ අධ්‍යයනවලින් සොයාගෙන ඇත. තවද, මිනිසුන් තම දුරකථන නාන කාමරයේ භාවිතා කරන බව සලකන විට, සමහර දුරකථන වලද මළ මූත්‍ර ඇත .
කොරෝනා වයිරස පෘෂ්ඨ මත කොපමණ කාලයක් පැවතිය හැකිද යන්න පිළිබඳ තවමත් පූර්ණ අවබෝධයක් නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වෛරසය ශරීරයෙන් පිටත පැය හෝ දින ගණනක් පැවතිය හැකි බැවින් ඔබගේ දුරකථනය පිරිසිදු කිරීම ඇත්තෙන්ම වටිනා බවයි.