ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයෙක් පවසන පරිදි කොරෝනා වයිරස් එන්නතක් සැප්තැම්බර් මාසය වන විට යාමට සූදානම් විය හැකිය.
එන්නත් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වන සාරා ගිල්බට් ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පතට පැවසුවේ තම කණ්ඩායම විසින් වර්ධනය කරනු ලබන එන්නත “මෙම වර්ගයේ එන්නත සමඟ අප විසින් කර ඇති වෙනත් දේ පදනම් කරගෙන” මෙය නිසි ලෙස ක්‍රියාත්මක වනු ඇති බවට “80% විශ්වාසයක්” ඇති බවය.එය ඉදිරි සති දෙක තුළ මිනිස් අත්හදා බැලීම් ආරම්භ කරනු ඇත.

“මම හිතන්නේ මේ ආකාරයේ එන්නත් සමඟ අප විසින් කර ඇති වෙනත් පර්යේශන මත පදනම්ව එය ක්‍රියාත්මක වීමට ඉහළ අවස්ථාවක් තිබෙනවා” යැයි ඇය පැවසුවාය. “එය හුදු විශ්වාසයක් පමණක් නොවේ. මම 80% ක් සාර්ථා වේ යැයි විශ්වාස කරනවා, එය මගේ පුද්ගලික මතයයි.”
කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාකරන බව පෙනෙන්නට ඇති ඕනෑම එන්නතක් මාත්‍රාව මිලියන ගණනක් නිෂ්පාදනය කිරීමට අරමුදල් දීමට කැමැත්තෙන් සිටින බව එක්සත් රාජධානියේ රජය පෙන්වා දී ඇතැයි ටයිම්ස් වාර්තා කරයි.
මෙයින් අදහස් කරන්නේ එන්නත වැඩ කරන බව ඔප්පු වූ විගසම මහජනතාව වෙත ගෙන ඒමට සූදානම් බවයි.එන්නත සඳහා ආරක්ෂිත අත්හදා බැලීම් ළඟදීම ආරම්භ වන බව ටයිම්ස් වාර්තා කරයි. ලොව පුරා ප්‍රවීණයන් විසින් සිදු කරනු ලබන වෙනත් අධ්‍යයනයන් වලින් එන්නතක් මගින් කොරොන වයිරසයෙන් ජනතාව ආරක්ෂා කරයිද යන්න තහවුරු කිරීමට උත්සාහ දරයි.