කොරෝනා වසංගතය සැගව්වූ වා යැයි කියා ඇමරිකාව ලෝක සෞක්‍ය සංවිධනයට ලබාදෙන මුදල් කපා හරින්න සැලසුම්


0

කොරොන වයිරස් 2019 (COVID-19) වසංගතයට එරෙහිව ,ලෝක සෞක්‍ය සංවිධානය විසින් හසුරුවා ඇති ආකාරය පිළිබඳ දින 60 සිට 90 දක්වා පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති අතර එම කාලය පුරාවට ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) එක්සත් ජනපද අරමුදල් දිම අත්හිටුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ප්‍රකාශ කළේය.

අද සවස රෝස් උද්‍යානයේ ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයට “ කොරෝනා වෛරසය ව්‍යාප්ත කිරීම වසන් කිරීම” ගැන ට්‍රම්ප් චෝදනා කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් කපා හරින බවට ට්‍රම්ප් පසුගිය සතියේ කළ තර්ජනයට ප්‍රතිචාර වශයෙන් ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස්, වසංගතය දේශපාලනීකරණය නොකරන ලෙස ලෝක නායකයින්ගෙන් තරයේ ඉල්ලා සිටියේය . “අප හොදින් හැසිරෙන්නේ නැත්නම් අපට බොඩි බෑග් රාශියක් අප ඉදිරිපිට තිබීම දැකගත හැකිවනු ඇති බව” යැයි ටෙඩ්‍රොස් පැවසීය.

ට්‍රම්ප් කොපමණ මුදල් රඳවා තබා ගැනීමට අදහස් කරනවාද යන්න තවමත් සඳහන් කර නැත.ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඩොලර් බිලියන 5.6 ක අයවැයට වැඩිම මුදල් ප්‍රමාණයක් සපයන රට වන්නේ
එක්සත් ජනපදයයි.

පොදුවේ ගත් කල, ධවල මන්දිරයට නිශ්චිත අරමුණක් සඳහා කොන්ග්‍රසය විසින් දැනටමත් පවරා ඇති මුදල් බෙදා හැරීම ප්‍රමාද කළ හැකි නමුත්, එවැනි වියදම් අවලංගු කිරීමට කොන්ග්‍රසයේ අනුමැතිය ලබා ගත යුතුය.

ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ගය COVID-19 ට එරෙහි ලෝක සටනට සැලකිය යුතු ලෙස බාධාවක් විය හැකි බව ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ ජාතික හා ගෝලීය සෞඛ්‍ය නීතිය පිළිබඳ ඕ’නිල් ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් ගොස්ටින් පවසයි. “ලෝක සෞඛ්‍ය සංවිධානය දේශපාලන හා අරමුදල් අර්බුදයක පැටලී සිටින්නේ නම්, මානව ඉතිහාසයේ මෙම සුවිශේෂී කාලය තුළ එතරම්ම අවශ්‍ය නායකත්වය සැපයීමට එයට නොහැකි වනු ඇත.”


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk