වසර 44 ක් තුලදී කොරියාව, වියට්නාමය, ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල මියගිය එක්සත් ජනපද හමුදා භටයින්ගේ හා කාන්තාවන්ගේ සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක් මේවන විට කොරෝනා හේතුවේ මාස තුනක් තුළ මිය ගොස් තිබෙනවා.

මේ වන විට මීලියන 1.5 ක් ඇමරිකානුවන් ආසාදනය වී ඇත. තවත් මිලියන ගණනකට රැකියා අහිමි වී තිබේ.එක්සත් ජනපදය මාස හතරකටත් අඩු කාලයකදී කොරෝනා වෛරසය හෙතුවෙන් 100000 අසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇත.
එක්සත් ජනපදයේ පළමු ආසාදනය ජනවාරි 21 වන දින වොෂිංටන් ප්‍රාන්තයේ වාර්තා විය.රොයිටර් අධ්‍යයනයකට අනුව ඉරිදායින් අවසන් වූ සතිය සඳහා ප්‍රාන්ත 20 ක් නව රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා කර තිබේ.

උතුරු කැරොලිනා, විස්කොන්සින් සහ ආකැන්සාස් ප්‍රාන්තවල රෝගීන් අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබේ. දිනපතා මියගිය සංඛ්‍යාව සිය ගණනකි. රෝහල් වලට රොගින් සංකායව දා ගැනිමට නොහැකිව ඇති අතර තාවකාලික මෘත ශරීරාගාර ඉදිකර ඇත්තේ සෞඛ්‍ය පහසුකම් වලින් බැහැරවය.
නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකින් හෙළි වූයේ එක්සත් ජනපදය ඉක්මණින් ක්‍රියා කළේ නම් ,පුද්ගලයින් 36,000 ක් පමණ මිය යනු ඇති බවයි.