වසංගත සූදානම් නවෝත්පාදන සඳහා වූ සන්ධානය (සීපීඅයි) විසින් අරමුදල් සපයන එන්නත් සංවර්ධකයින් අතර ජර්මනියේ CureVac සමාගන පවසන්නේ, අඩු මාත්‍රාවකින් යුත් එන්නත් අත්හදා බැලීම් වලදී සාර්ථක බව ඔප්පු වුවහොත් එහි පවතින පහසුකම් වලින් කොරොන වයිරස් ප්‍රතිශක්තිකරණයක් විශාල වශයෙන් නිපදවිය හැකි බව පැවසීය.
CEPI විසින් ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 8.3 ක් දක්වා ප්‍රදානයන් CureVac වෙත සිදුකරන ලදි, ඒ අඩු මාත්‍රාව සහිත එන්නත් තාක්ෂණය වැඩි දියුණු කිරීමටයි, එය මුල් අවධියේ ජලභීතිකා පරීක්ෂණයකදී යොදාගත් තාක්ශනයක් වන අතර, කොරෝනා වෛරසයට එරෙහිව ද භාවිතා කීමට අවධනය යොමුව ඇත.
ජර්මනියේ ටියුබින්ගන් සමාගම, පර්යේෂණාත්මක එන්නතක් ජුනි හෝ ජූලි මාසය වන විට සූදානම් කිරීමට බලාපොරොත්තු වන අතර පසුව මිනිසුන් පරීක්ෂා කිරීම සඳහා නියාමකයින්ගෙන් ඉදිරියට යා හැකිය.
ප්‍රධාන නිෂ්පාදන නිලධාරි සහ සම-නිර්මාතෘ ෆ්ලෝරියන් වොන් ඩර් මුවෙල්බේ රොයිටර් පුවත් සේවයට කියා සිටියේ ජලභීතිකා රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියාවක් ඇති කිරීම සඳහා අඩු මාත්‍රාවක් ලබා දිමෙන් ඉඩ සලසන ක්‍රියාමාර්ගයම කොරෝනා වයිරස් පසුබිම තුළ ද ක්‍රියාත්මක වන බවයි.
CureVac සමාගම විශේශ වන්නේ messenger RNA (mRNA) අණු යොදාගෙන රෝගවලට පිලියම් ලෙස ප්‍රතිශක්තිකරනය ඇති කිරිමේ ක්‍රම සොයාගන්නා සමාගමක් ලෙසයි. පිළිකා හෝ බෝවන රෝග වලට එරෙහිව ප්‍රතිශක්තිකරණ ලෙස චිකිත්සක ප්‍රෝටින නිපදව ලෙස මිනිස් සෛල වලට පැවසීමට mRNA අනු වලට හැකියාව ඇත.