ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයෙකු අද (24) වෛරසයෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීහු තහවුරු කළහ.මෙය රට තුළ ලියාපදිංචි වී ඇති නව කොරොන වයිරස් මරණ සංඛ්‍යාව 15 දක්වා ගෙන එයි.මියගිය පුද්ගලයා 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු කුලියපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
කෝවිඩ් -19 රෝගීන්ගෙන් වැඩිම දෛනික වාර්තාවක් ශ්‍රී ලංකාව ඊයේ වාර්තා කර ඇති අතර, තහවුරු වූ මුළු ආසාදන සංඛ්‍යාව 7,000 ක සන්ධිස්ථානය ඉක්මවා ගියේය. ඊයේ දොනයේ කොරෝනා රොගින් 866 ක් හමුවූ අතර එය වර්තා වූ වැඩිම කොරෝනා රොගින් ප්‍රමාණය වේ.මේ වන විට සක්‍රිය කොරෝනා රෝගින් 3,494 රට තුල සීටින බව පැවසෙනවා.
මේ අතර ත්රිකිණාමලය මධ්‍යම මාලු වෙලඳ සංකිර්ණයේ සේවය කල 6 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදිණය වී ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළෙද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයෝ කටයුතු කලහ.මෙම වෙලද සංකීරණයේ 39 දෙනෙකුගෙන් ලබාගත් ජෛව සාම්පල්වල ප්‍රතිඵල අනුව ඉන් හය දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හදුනාගැනිමට හැකිවිය .