අලුත් අවුරුදු දිනයේදී ඉතාලි අගනගරයේ බොහෝ අය ගිනිකෙළි සංදර්ශනය කිරීමෙන් පසු කුරුල්ලන් සිය ගණනක් මිය ගිය බව සත්ව අයිතිවාසිකම් කන්ඩායම් සිකුරාදා ප්රකාශ කළේ එය සිතා මතා කරනල ලද කුරුලු සංහාරයක් ලෙසයි ඔවුන් සදහන් කරන්නේ. රෝමයේ ප්රධාන දුම්රිය ස්ථානය අසල වීදිවල දර්ශනවලින් කුරුල්ලන් දුසිම් ගණනක් සහ දුසිම් ගනනක් පණ නැතිව බිම විසිරී ඇති ආකාරය දැකගත හැකිවූ බව සදහන් වේ.
“ඔවුන් බියෙන් මියගියා විය හැකිය. ඔවුන්ට එකට පියාසර කර එකිනෙ ක හා ගැටි මියගියා වන්නට හැකි, නැතහොත් ගීනිකෙලිවල ආලොකය බියවී පර සොයා ගැනීමට නොහැකිව ජනේල හෝ විදුලි රැහැන් වලට වැදී මිය ගියා වන්න ට පුලුවන්. හෘදයාබාධවලින්ද ඔවුන් මිය යා හැකි බව අපි අමතක නොකරමු” යනුවෙන් එම සංවිධානයේ ප්රකාශිකාවක් වන ලොරෙඩානා ඩිග්ලියෝ පැවසීය.
සෑම වසරකම ගිනිකෙළි සංදර්ශන මගින් වන සතුන් සහ ගෘහාශ්රිත සතුන්ට කරදර හා තුවාල සිදු වන බව ඇය සඳහන් කළාය. පුද්ගලික ගිනිකෙළි සංදර්ශන සඳහා රෝම නගරය විසින් තහනම් කර තිබියදීත් මෙම සිදුවිම සිදුවූ බව සදහන් වේ.