ශ්රී ලංකා වෙරළට නාවික සැතපුම් 37 ක් නැගෙනහිර දෙසින් පිහිටි එම්ටී නිව් ඩයමන්ඩ් නැවේ ගින්නක් ඇතිවිම සමග ශ්රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය වෙරළාරක්ෂක බලකායෙන් ගිනි නිවීමේ සහය ඉල්ලා තිබේ. ක්ෂණික ආධාර සඳහා ICG නැව් සහ ගුවන් යානා යොදවා ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පවසයි.
මෙම බොරතෙල් රැගෙන යන නෞකාව සතුව බොරතෙල් මෙට්රික් ටොන් 270,000 ක් සහ ඩීසල් ටොන් 1,700 ක් රැගෙන යමින් තිබේ. නාවික හමුදා ප්රකාශක කපිතාන් ඉන්දිකා ද සිල්වා කියා සිටියේ නෞකාවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්රී ලංකාවේ හම්බන්තොට වරායේ නවතා තිබුන රුසියානු යුද නැව් දෙකක් පිටත්ව ගොස් ඇති බවත්ය.
මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ 23 දෙනුකු සිටි අතර දැවැන්ත නෞකාව ඉන්දියාවේ පැරඩිප් වරායට කුවේටයේ සිට බොරතෙල් රැගෙන යමින් සිටි බව සදහන් වනවා.