ගෝලිය මූදල් හුවමාරු පද්ධතියෙන් සමහර රුසියානු බැංකු ඉවතට:මුදල් අවසන් වේ යැයි බියෙන් රුසියාවේ බැංකුවල දිගු පොලිම්


0

රුසියාවේ මහ බැංකුවේ වත්කම් තහනම් කරන බව යුරෝපා සංගමය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාව නිවේදනය කර තිබේ.සමහර රුසියානු බැංකු ද Swift ගෙවීම් පද්ධතියෙන් බැහැර කරනු ලැබ තිබේ. රුසියානු බැංකු මත වලින් මේ වන විටැරට බොහෝ අය මුදල් ආපසු ගැනීමට උත්සාහ දරයි. 2020 මාර්තු මාසයේ සිට මුදල් සඳහා ඇති ඉල්ලුම ඉහළම මට්ටමට පැමිණීමෙන් පසු සිකුරාදා, රුසියාවේ මහ බැංකුව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වෙත සපයන මුදල් ප්‍රමාණය වැඩි කිරීමට බල කෙරුනි.

රුසියාවේ මහ බැංකුවේ සංචිත ඩොලර් බිලියන 630 (පවුම් බිලියන 470) පමණ වේ. යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් පැවසුවේ: “යුරෝපීය සංගමය සහ එහි හවුල්කරුවන් පුටින්ගේ යුද යන්ත්‍රයට මුදල් සැපයීමේ හැකියාව අඩපණ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

වෙළඳපල විශ්ලේෂකයින් අනාවැකි පල කරන්නේ සඳුදා රූබල් වල අගය පහත වැටෙනු ඇති අතර රුසියානුවන් බැංකුවලින් මුදල් ඉවත් කිරීමට ඉක්මන් විය හැකි බවයි. “මෙම නව සම්බාධක රුසියානු ආර්ථිකයට සහ එහි බැංකු පද්ධතියට බරපතල හානියක් සිදු කිරීමට ඉඩ ඇත”, ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ විධායක උප සභාපති ක්ලේ ලෝරි පැවසීය.

නමුත් ඉරිදා රුසියාවේ බැංකුව අවධාරනය කලේය: “රුසියානු බැංකු පද්ධතිය ස්ථායී වේ, ඕනෑම තත්වයක් තුළ සුමටව ක්රියා කිරීමට ප්රමාණවත් ප්රාග්ධනය සහ ද්රවශීලතාවයක් ඇත. ගිණුම්වල සියලුම පාරිභෝගික අරමුදල් සුරැකෙන අතර ඕනෑම අවස්ථාවක ලබා ගත හැකිය.” යනුවෙනි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව, ලොව පුරා මූල්‍ය ආයතන දහස් ගණනක් භාවිතා කරන ජාත්‍යන්තර ගෙවීම් පද්ධතියක් වන Swift වෙතින් සමහර රුසියානු බැංකු ඉවත් කරන බව සෙනසුරාදා, යුරොපා කවුනිලය, එංගලන්තය, ඇමරිකාව සහ කැනඩා නායකයින් නිවේදනය කළේය. ගෝලීය වශයෙන් මුදල් ගනුදෙනු සඳහා යොදාගන්නා ප්‍රධාන පද්ධතිය මෙය වේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk