ජපානයේ යොකොහාමා හි නිරෝධායනය කරන ලද දිප්රින්ස් ඩයමන්ඩ් නෞකාවෙන් තවත් කොරොන වයිරස් රෝගීන් 70 ක් තහවුරු වී ඇති අතර, මුළු ආසාදන 356 ක් දක්වා වර්ධනය වී තිබේ.

එක්සත් ජනපද ජාතිකයන් ප්රින්ස් ඩයමන්ඩ් නෞකාවෙ න් ඉවත් කිරීම මේවන විට සිදුකෙරෙනවා.එලෙස ඉවත් කරගත් මගින් ටෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළට පැමිණ තිබේ.
පොලිස් භටයන් විසින් මෙහෙයවන ලද බස් රථ 10 කින් පැමින සිටින අතර ඔවුන් බෝයිං 747 යානා දෙකක් මගින් කැලිෆෝනියාවේ ට්රැවිස් ගුවන් හමුදා කඳවුර බලා පිටත් වන බව පැවසෙනවා.