කොළඹ නැගෙනහිර මූලික රෝහලේ පිහිටුවා ඇති නව රසායනාගාරයේ PCR යන්ත්‍රයක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් PCR පරීක්ෂණ සාම්පල 20,000 කට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.ඇඳිරි නීතිය පැනවීම ඇතුළුව රෝගය පැතිරීම පාලනය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමේදී පීසීආර් වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම බරපතල ගැටළුවක් වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දී තිබේ.
කෝවිඩ් වැළැක්වීමේ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කෝවිඩ් මධ්‍යස්ථාන ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකදී මෙය අවධාරණය කෙරිණි.ආසියානු සංවර්ධන බැංකුවේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 250ක් වටිනා PCR යන්ත්‍රයක් ඉකුත් මැයි මාසයේ මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත කළද එය මේ වන විට දින හයක් තිස්සේ අක්‍රියව පවතින බව අනාවරණය වේ.
චීනයේ බී.ජී. අයි. නමැති සමාගමකින් ටෙන්ඩර් පටිපාටිවලට පරිභාහිරව ගෙන්වා ඇති මෙම PCR යන්ත්‍රයේ දේශීය නියෝජිතයා ලෙස පුද්ගලයකුගේ නමක් පමණක් සඳහන් කර ඇතැයි රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ‘අරුණ’ පුවත්පතට පවසා ඇත.