චීනයේ ජනප්රියම තාරකාවක් වූ Zhao Wei ගේ විඩියෝ, චීන වීඩියෝ වේදිකාවලින් ඇගේ නම මකා දමා ඇති අතර, “කීර්තිමත් පුද්ගලයින්ගේ සංස්කෘතිය” ඉවත් කිරීමේදී බීජිං විසින් ඉලක්ක කරගත් නවතම ප්රසිද්ධ චරිතය බවට ඇය පත් විය.කෝටිපති ෂාවෝ වේ, විකී ෂාවෝ ලෙසද හැඳින්වෙන අතර, ඇය සම්මානලාභී චීන නිලියක සහ චිත්රපට නිෂ්පාදකයෙකි.
1990 දශකයේ අග භාගයේදී ඇය මයි ෆෙයාර් ප්රින්සස් නම් චීන රූපවාහිනී කතා මාලාවෙන් ප්රසිද්ධියට පත් වූ අතර එහි ප්රධාන චරිතය නිරූපණය කළ ඇය නළුවෙකු, චිත්රපට නිෂ්පාදිකාවක් සහ ව්යාපාරික කාන්තාවක් ලෙස චීනයේ ජනප්රියම තාරකාවක් වීමට පෙරය. ලොකයේ බොහෝ ප්රේක්ෂකයින්ට ඇයව සිහිපත් කරන්නේ විකට ක්රියාදාම චිත්රපටයක් වන ෂැඔලින් සොකර් තුළින් ය.
ෂාඕ බොහෝ වීඩියෝ වේදිකාවලින් ඇය රඟපෑ හෝ අධ්යක්ෂණය කළ චිත්රපට සහ රූපවාහිනී වැඩසටහන් ඉවත් කර ඇති අතර ඇගේ නම මාර්ගගත විකාශන ලැයිස්තු වලින් ඉවත් කර ඇත. දැඩි ලෙස වාරණයට ලක්වූ චීන සමාජ ජාල වෙබ් අඩවිය වූ වේබෝ හි ඇගේ රසික පිටුව ඉවත් කර ඇති බව CNN වාර්තා කරන අතර, රසිකයින්ට ඇය ගැන තොරතුරු හුවමාරු කර ගැනීමට ඉඩ සලසන හැෂ් ටැග් ද වාරණයට ලක් වූ බව SCMP වාර්තා කරයි.