චින දුරකථන භාවිතා නොකරන්න ලෙස ලිතුවේනියාවෙ ආරක්‍ෂක අමාත්‍යාංශය එරට ජනතාවට ප්‍රකාශ කරයි


1

ලිතුවේනියාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය පාරිභෝගිකයින් චීන ජංගම දුරකථන මිලදී ගැනීමෙන් වළකින ලෙසත්, දැන් තිබෙන උපාංග ඉවත දමන ලෙසත් උපදෙස් දුන් අතර එම උපකරණ මඟින් වාරණ කිරීමේ හැකියාවන් ගොඩනඟා ඇති බව අණාවරනා කරගෙන ඇති බව පැවසෙනවා.

චීනයේ ස්මාර්ට්ෆෝන් දැවැන්තයා වන ෂියාඕමි විසින් යුරෝපයේ අලෙවි කරන ප්‍රධාන දුරකථන වලට ටිබෙටයේ නිදහස සම්බන්ද වචන ,තායිවානයේ නිදහස සම්බන්ද වචන හදුනා ගැනිමට හැකියව ඇති බව ලිතුවේනියාවේ ආරක්ශක අමාත්‍යශය ප්‍රකාශ කලහ. Xiaomi හි Mi 10T 5G දුරකථන මෘදුකාංගයේ ඇති හැකියාව “යුරෝපා සංගම් කලාපය” සඳහා අක්‍රිය කර තිබුනද ඕනෑම වේලාවක දුරස්ථව ක්‍රියාත්මක කළ හැකි බව එරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික සයිබර් ආරක්‍ෂක මධ්‍යස්ථානය වාර්තාවේ සඳහන් කරයි.

ලිතුවේනියාව සහ චීනය අතර සබඳතා මෑතකදී නරක අතට හැරුණි. චීනය පසුගිය මාසයේ ලිතුවේනියාවේ බීජිංහි සිය තානාපතිවරයා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩන්ගේ ජාතික ආරක්‍ෂක උපදේශක ජේක් සුලිවන් පසුගිය සතියේ ලිතුවේනියාවේ අග්‍රාමාත්‍ය ඉන්ග්‍රිඩා සිමොනයිට් සමඟ කතා කළ අතර චීනයේ බලපෑම් හමුවේ තම රටට ලබා දෙන සහයෝගය අවධාරණය කළේය.


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk