චින රජය විවේඡනය කල පසු ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා අතුරුදහන් වී ඇති බවට අනුමාන කෙරේ ජැක් මා මාස දෙකකට වැඩි කාලයක් තුළ ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බව වාර්තා වේ.චීනයේ මූල්‍ය හා නියාමන පද්ධතිය නවෝත්පාදනයන් මැඩපැවැත්වූ බවට ඔහු චෝදනා කර තිබුණි. තාක්ෂණයේ පදනම මත තවත් කුඩා සමාගම් සහ පුද්ගලයින් සඳහා මූල්‍ය සේවා පුළුල් කිරීම සඳහා නවීකරණය කිරීමක් ඉල්ලා සිටියේය.
අලිබබා නිර්මාතෘවරයා ද ඔහුගේම රියලැටි වැඩසටහනක් වන අප්‍රිකාවේ බිස්නස් හීරෝස් හි අවසාන තරඟයට සහභාගි වීමට සිටි අතර එහිදී ඔහු විසින් නැගී එන අප්‍රිකානු ව්‍යවසායකයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක තැගිමුදලක් ලබාදිමට සූදානම් විය.
කෙසේ නමුත් මෙම වැඩසටහනට ඔහු සහභාගී නොවූ අතර එක්සත් රාජධානියේ ටෙලිග්රාෆ් වාර්තාකරන්නේ ඔහුගේ පින්තූරය වෙබ් අඩවියෙන් ද ඉවත් කර තිබූ බවයි.එහෙත් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අනුව, “කාලසටහනේ ගැටුමක් හේතුවෙන්” විනිශ්චය මණ්ඩලයට සහභාගී වීමට ජැක් මා හට නොහැකි වූ බව අලිබබා ප්‍රකාශකයෙක් පැවසූ බව සදහ්න් වේ.
ජැක් මා විසින් ඔක්තෝම්බර් 24 වන දින ෂැංහයි නුවරදී මතභේදාත්මක දේශනයක් පැවැත්වූ දා සිට ජැක් මාගේ ව්‍යාපාරික සමූහය වන ඇන්ට් ග්ෘප් බීජිං විසින් පරීක්ෂාවට ලක් කර ඇත.චීන බලධාරීන් දෙසැම්බර් අග දී අලිබබාහි වියාපාර පිලිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහි මෙහෙයුම් ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඇන්ට් ග්ෘප් වෙත පැවසීය.
වසංගතය මැඩපැවැත්වීම සඳහා මා යුරෝපයට, එක්සත් ජනපදයට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයට මුහුණු ආවරණ මිලියන ගණනක් පරිත්‍යාග කර ඇත.ජැක් මා පදනම අධ්‍යාපනය, ව්‍යවසායකත්වය, කාන්තා නායකත්වය සහ පරිසරය යන අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රකෝටිපති ද පුණ්‍ය කටයුතු සඳහා සම්බන්ධ වී සිටී.