මේ සතියේ පාකිස්තානයේ පරිපාලනය එන්නත් කිරීම ආරම්භ කළ කොවිඩ් -19 සඳහා වන චීන සිනොෆාර්ම් එන්නත වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා නිර්දේශ නොකරන බව එරට සෞඛ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර වෛද්‍ය ෆයිසාල් සුල්තාන් බ්‍රහස්පතින්දා පැවසීය.
ඉස්ලාමාබාද්හි මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ, සීනෝෆාම් දත්ත පිළිබඳ මූලික විශ්ලේෂණය සලකා බැලීමේදී රජයේ විශේෂඥ්ඥ කමිටුව නිර්දේශ කර ඇත්තේ “මෙම අවස්ථාවෙහිදී” වයස අවුරුදු 18-60 අතර පුද්ගලයින් සඳහා පමණැක් මෙම එන්නත සඳහා බලපත්‍ර ලබා දෙන බවයි.සීනෝෆාම් වෙනුවට 60 ට වැඩි පුද්ගලයින් සඳහා කුමන එන්නත භාවිතා කරන්නේද යන්න පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය විමසූ විට වෛද්‍ය සුල්තාන් පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතා කරන බවයි.
අපගේ පාකිස්තාන විශේෂඥ්ඥයන් දත්ත දෙස බැලූ විට, ඔවුන් ඇස්ට්‍රාසෙනෙකා දත්ත පිළිබඳව සෑහීමකට පත්විය. නමුත් සීනෝෆාර්ම් සඳහා දැනට පවතින සංඛ්‍යා දත්ත මත පදනම්ව, වයස අවුරුදු 60 ට වැඩි අය සඳහා එය භාවිතා කිරීම යුක්ති සහගත නොකරන බව හැඟී ගියේය.