චීනය එන්නත් කිරීමේන් බිලියනයක සිමාවට ලඟා වී ඇති බව ප්‍රකාශය වේ


0

දින කිහිපයක් ඇතුළත චීනය සිය කොවිඩ් -19 එන්නත ලබා දිමේ මාත්‍රා ප්‍රමාණය බිලියනයක අති විශාල ප්‍රමාණයක් කරා ළඟා වනු ඇත. එය ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා අසමසම පරිමාණයකි.පසුගිය බදාදා වන විට චීනය විසින් මාත්‍රාවන් මිලියන 945 කට වඩා ලබා දී ඇත – එය එක්සත් ජනපදයේ දී ලබා දුන් සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වන අතර ගෝලීය වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා බිලියන 2.5 න් 40% කට ආසන්න ප්‍රමාණයක්වේ.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ දත්ත වලට අනුව, පසුගිය මාසය තුළ එන්නත් මාත්‍රා මිලියන 500 කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර,එම වේගය මැයි මාසයේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. අඟහරුවාදා පමණක් එය මාත්‍රාව මිලියන 20 කට වඩා ලබා දී ඇත. එම අනුපාතයට අනුව, මෙම සති අන්තයේ දී එය මාත්‍රාව බිලියනය ඉක්මවනු ඇත. කෝවිඩ් -19 ට එරෙහිව බිලියන 1.4 ක ජනගහනයක් සිටින රටකට එන්නත් කිරීම දැවැන්ත කාර්යයකි. චීනයේ කොරෝනා වයිරසය සාර්ථක ලෙස පාලනය වීම නිසා බොහෝ නිවැසියන් මුලදී එන්නත ලබා ගැනීමේ හදිසි අවශ්‍යතාවයක් දක්නට නොලැබුණි.

එහෙත් චිනයේ උතුරු අන්හුයි සහ ලියානිං පළාත්වල සහ දකුණේ ගුවැන්ඩොං ඇතුළු මෑතදී ඇති වූ දේශීයව වූ සිදුවූ වෛරස් පැතිරියාම් කිහිපයක් ආසාදනය වීමේ බිය ජනිත කර ඇති අතර, බලපෑමට ලක් වූ ප්‍රදේශවල එන්නත් ලබා ගැනීමට ඉක්මන් වේ. “එන්නත් ලබා දිය හැකි සියල්ලන්ටම එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය” රට පුරා, ප්‍රධාන නගරවල සහ කුඩා ගම්මානවල එක හා සමානව සිදු කෙරෙමින් පවතී.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk