චීනය ලෝකයේ විශාලතම නාවික හමුදාව ගොඩනඟා ඇතිබවට ප්‍රකාශවේ


0

ලෝකය මෙතෙක් දැක නැති තරම් චීනය මේ වන විටත් නැව් තැනීම සිදුකරමින් සිටි.චිනයේ ලෝක මට්ටමේ සටන් බලවේගයක් බවට පත් කිරීම සඳහා ජනපති ෂී විසින් 2015 දී පුළුල් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. නැව් යාත්‍රා තාක්‍ෂණය සඳහා ආයෝජනය කිරීමට ඔහු නියෝග කර තිබේ. මේ වන විට චින ජනපති ෂීගේ සැලැස්ම ක්‍රියාත්මක වී ඇත. 2015 සිට අද දක්වා වන විට චීනය ලෝකයේ විශාලතම නාවික හමුදාව එක්රැස් කර තිබේ. 

එක්සත් ජනපද නාවික බුද්ධි කාර්යාලයට (ONI) අනුව, 2015 දී මහජන විමුක්ති හමුදා නාවික හමුදාවට (PLAN) යුධ නැව් 255 ක් තිබී ඇත.ONI රෝකථනයකට අනුව, 2020 අවසානය වන විට, එය එක්සත් ජනපද නාවික හමුදාවට වඩා නැව් 60 ක් වැඩියෙන් එනම් නාවික යාත්‍රා 360 ක් චිනය සතුයි.

දැනටමත් ලොව විශාලතම නාවික හමුදාවට අණ දෙන චීන මහජන සමූහ ආණ්ඩුව නවීන සබ්මැරීන, ගුවන් යානා ප්‍රවාහනය කරනා යාත්‍රා, ප්‍රහාරක ජෙට් යනා, උභයජීවී ප්‍රහාරක නැව්, බැලස්ටික් න්‍යෂ්ටික මිසයිල සබ්මැරීන, විශාල වෙරළාරක්ෂක කටර් සහ ධ්‍රැවීය අයිස් කඩන යන්ත්‍ර වේගයකින් ගොඩනඟමින් සිටී.

ඒවායින් සමහරක් එක්සත් ජනපදයට හෝ වෙනත් නාවික බලවතුන්ට ඇති දියුනුම නව්කාවලට වඩා දියුනු නෞකා බවට පැවසෙනවා.චීන ප්‍රධාන භූමිය සහ කලාපය වටා ඇති එහි භෞමික හිමිකම් ආරක්ෂා කිරීමට දැන් චීනයට හැකියාව ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk