ජනගහනයෙන් සියට 45 වඩා කොවිඩ් එන්නත් ලබාදුන්නත් මොංගෝලියාවේ කොවිඩ් රෝගින් ඉහල යන බව New York Times වෙබ් අඩවිය ප්‍රකාශකර සිටිනවා. මේ සමගම ඔවුන් භාවිතා කරන ලද ප්‍රධන එන්නත වන චිනයේ සයිනෝෆාර්ම් එන්නතේ කාර්‍යක්ශමතාව පිලිබද නැවත කතා බහක් ඇතිව තිබෙනවා. මොන්ගෝලියාවේ බදාදා කෝවිඩ් වෛරස් ආසාදිතයින් 1,312 ක් වාර්තා වූ අතර රටේ සමස්ත ආසාදන 70,000 ක් කරා ළඟා විය. New York Times database අනුව පසුගිය සති දෙක තුළ නව දෛනික ආසාදන සියයට 70 කට වඩා වැඩි වී තිබේ .
Infections are rising in #Mongolia, where half the people have received the Sinopharm vaccine. https://t.co/lQ7qtic0WK
— Jeremy Koh (@JeremyKohCNA) June 9, 2021
රුසියාව සහ චීනය අතර උපාය මාර්ගික වශයෙන් වැදගත් වන පිහිටිමක පිහිටා ඇති මොංගෝලියාව එන්නත් නිෂ්පාදන දැවැන්තයින් දෙදෙනෙකු සමග එන්නත් ලබා ගැනීමට ගිව්සුම් ගතව තිබෙනවා. මොන්ගෝලියාව සයිනෝෆාම් එන්නත මාත්‍රාව මිලියන 4.3 ක් සහ රුසියාවේ ස්පුට්නික් වී එන්නත මිලියනයක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇත.
චීන එන්නත්, සීනෝෆාර්ම් සහ තවත් සමාගමක් වන සීනෝවාක් වැනි අය විසින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කිරීම සඳහා අක්‍රීය කොරෝනා වයිරස් භාවිතා කරයි.
“අක්‍රිය කරන ලද වෛරස ප්‍රතිශක්තිකරන ප්‍රතිචාරය සදහා යොදාගන්නා
Sinovac සහ Sinopharm ආසදන මට්ටම අඩු කිරීමට එතරම් පලදායි නොවන නමුත් අසාදනය නිසා ඇතිවෙන රෝගාබාද අවම කිරිමට ඉතාමත් සුදුසු බව හොංකොං විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලේ වසංගත රෝග විද්‍යාඥ්ඥයෙකු හා ජෛව විද්‍යාඥ්ඥයෙකු වන බෙන් කොව්ලිං ප්‍රකාශ කර සිටින බව NYT පුවත් පත ප්‍රකාශ කරනවා. එමෙන්ම තවදුරටත් අදහස් දක්වන ඒ මහතා ප්‍රකාශකර ඇත්තේ “මොන්ගෝලියාවේ ආසාදන හා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන බවක් පෙනෙන්නට තිබුණත්, මගේ අපේක්ෂාව වන්නේ රෝහල් ගතවීම් විශාල සංඛ්‍යාවක් සිදු නොවනු ඇත” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
සමහර වෛරස් ප්‍රභේදයන් ජනගහනයෙන් වැඩි පිරිසකට එරෙහිව එන්නත් ලබා දී ඇති රටවල පවා සැලකිලිමත් වීමට තරම් වේගයෙන් ව්‍යාප්ත විය හැකිය: බ්‍රිතාන්‍යය වැඩිහිටි ජනගහනයෙන් අඩකට වඩා පූර්ණ වශයෙන් එන්නත ලබාගෙන තිබියදීත්, ඩෙල්ටා ප්‍රභේදයට සම්බන්ධ සිදුවීම් ඉහළ යාම සිදුවන බව ප්‍රකාශ කරයි . , බොහෝ දුරට එංගලන්තය ලබාගන්නා ලද්දේ ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් වෙතින් ලබාගත් ලබාගත් එන්නත් වේ. කේසේ වුවත් පවතින වසංගත තත්වය නිසි පිලිතුර වන්නේ එන්නත් කරනය බව ලොව පුරා සිටිනවා විශේඥන්නයන් ප්‍රකාශකරනු ලබයි.