චිනයෙ වෛද්‍ය බලධාරීන් පවසා ඇත්තේ ජපානයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධයක් කොරොන වයිරස් රෝගීන්ට හටද ලදායී වන බවයි.
චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන ෂැං ෂින්මින් පැවසුවේ favipiravir යන්න , ෆුජිෆිල්ම් කෙමිකල් හි අනුබද්ධිත ආයතනයක් විසින් සංවර්ධනය කරන ලද අතර, රෝගීන් 340 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් වුහාන් සහ ෂෙන්සෙන් හි සායනික අත්හදා බැලීම්වල දිරිගන්වන ප්‍රතිඵල ලබා දී ඇති බවයි.
“එය ඉහළ ආරක්ෂාවක් ඇති අතර එය ප්‍රතිකාර සඳහා පැහැදිලිවම ලදායී වේ” යැයි ෂැං අඟහරුවාදා වාර්තාකරුවන්ට පැවසීය.ෂෙන්ෂෙන් හි රෝගින් හට මෙම ඖශධය ලබා දුන් පසු රෝගීන් ධනාත්මක වීමෙන් දින හතරකට පසු වෛරසයට ස්ෘණාත්මක වූ බව පැවසීය.
මීට අමතරව, ෆේවිපිරාවිර් ( favipiravir ) සමඟ ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් 91% ක් තුළ පෙනහළු තත්ත්වය වැඩිදියුණු වී ඇති බව එක්ස් කිරණ මගින් තහවුරු කර ඇති බවද සදහන් විය.
නමුත් ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලාශ්‍රයක් ප්‍රකාශා කළේ වඩාත් දරුණු රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට මෙම ඖෂධය එතරම් ලදායී නොවන බවයි. “අපි රෝගින් 70 ත් 80 ත් අතර පිරිසකට ලබා දී ඇත, නමුත් වෛරසය දැනටමත් වැඩි වී ඇති විට එය එතරම් සාර්ථක වන බවක් නොපෙනේ,” මූලාශ්‍රය මයිනිචි ෂිම්බන් පුවත් සේවයට වෙත පැවසීය
favipiravir ඔසුව කොවිඩ් -19 රෝගීන් සඳහා භාවිතය සඳහා රජයේ අනුමැතිය අවශ්‍ය වනු ඇත.
සෞඛ්‍ය නිලධාරියෙක් මයිනිචි පුවත් සේවායට පැවසුවේ මෙම ඖෂධය මැයි මස මුලදී අනුමත කළ හැකි බවයි. සායනික පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රමාද වුවහොත් අනුමැතිය ද ප්‍රමාද විය හැකි බවයි.
මේ ලිපියට සම්බන්ද මුල් ලිපිය – Japanese flu drug ‘clearly effective’ in treating coronavirus, says China