ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතා ඇමරිකාව පුරා ව්‍යාප්තවෙයි


0

මිනසෝටා හි මිනියාපොලිස්හි පොලිස් නිලධාරියෙකු අතින් නිරායුධ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මිය යාම සම්බන්ධයෙන් අවම වශයෙන් එක්සත් ජනපද නගර 20 ක පමණ විරෝධතා ඇතිව තිබෙනවා.

කෙසේ නමුත් මිනසෝටා හි 4 වන අධිකරණ දිසා අධිකරණයේ ගොනු කර ඇති සාපරාධී පැමිණිල්ලට අනුව හිටපු මිනියාපොලිස් පොලිස් නිලධාරි ඩෙරෙක් චාවින්ගේ ඩොලර් 500,000 ක ඇප මුදලක් මත නිදහස් කර තිබෙනවා.

ඇට්ලන්ටා හි ජනතාව සහ දේපළ ආරක්ෂා කිරීම සඳහා ජාතික ආරක්ෂක භටයන් 500 ක් පමණ සක්‍රීය කර ඇති බව ජෝර්ජියාවේ ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් සිකුරාදා අග භාගයේ නිවේදනය කළේය.කෙම්ප් කියා සිටියේ ප්‍රාන්ත අගනුවර විරෝධතා හේතුවෙන් තමා ෆුල්ටන් ප්‍රාන්තයට හදිසි නීතියක් නිකුත් කරන බවයි.

මේ වන විට එක්සත් ජනපදයේ කැලිෆෝනියා: ලොස් ඇන්ජලීස්, බේකර්ස්ෆීල්ඩ්, සැක්‍රමන්ටෝ, සැන් ජෝස්, ඕක්ලන්ඩ්, සැන් ෆ්‍රැන්සිස්කෝ ,කොලරාඩෝ: ඩෙන්වර්, ජෝර්ජියා: ඇට්ලන්ටා,ඉලිනොයිස්: චිකාගෝ ,අයෝවා: ඩෙස් මොයින්ස්,ඉන්දියානා: ඉන්ඩියානාපොලිස්, ෆෝට් වේන් ,කෙන්ටකි: ලුයිස්විල් (බ්‍රෝනා ටේලර්ගේ මරණය හා සම්බන්ධ),ලුසියානා: නිව් ඕර්ලියන්ස් ,නිව් යෝර්ක්: නිව් යෝර්ක් නගරය ,මැසචුසෙට්ස්: බොස්ටන්,මිචිගන්: ඩෙට්‍රොයිට් යන ප්‍රන්තවල නගර වල උද්ගෝශන පැවැත්වෙනවා

මේ පිලිපද වැඩි දුර පුවත් –George Floyd protests spread nationwide



Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk